Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Posts Tagged ‘relationship’

Dial-Up සෙක්ස්

Posted by lostinromance මත මැයි 5, 2009

onthebed

සැබෑවටම ඇති වන ලිංගික සම්බන්ධයක් සහ ෆෝන් එකෙන් සිදුවන ෆැන්ටසික රමණයක් සංසන්දනය කර‍න්න පුළුවන් ද? එහෙම කරන්න අමාරුයි තමයි. එත් මේ ෆෝන් සෙක්ස් කියන්නේ ඉතාමත් ආකර්ශනීය අත්දැකීමක් බවට කිසිම සැකයක් නෑ. මම නම් සමහර අවස්ථාවලදී සැබෑ සම්බන්ධයකදී තරම්ම ආශ්වාදයක් ‍ෆෝන් සෙක්ස් තුලින් විඳපු අවස්ථා තියෙනවා. ඒකෙ රහස රඳාපවතින්නේ ඔබට හා සහකරුට/සහකාරියට ලිංගික ෆැන්ටසි නැත්නම් සිහින මැවීමට ඇති හැකියාව මත.

ලිංගිකත්වය කියන්නේ සම්පූර්ණයෙන්ම මනසත් එක්ක බද්ධ ‍වුන ක්‍රියාවලියක් බව කියලා දෙන්න සිග්මන් ‍ෆ්‍රොයිඩ්වම කියවන්න අවශ්‍ය නෑනේ. අපි ලිංගිකත්වය සම්බන්ධ කලා කෘති රසවිඳීමෙන්, අධ්‍යාපනික මෙවලම් පරිහරණයෙන්, එහෙමත් නැත්නම් බ්ලූ ෆිල්ම් එකක් හරි බැලීම මඟින් (මේ බ්ලූ ෆිල්ම් වෙනම කථා කළ යුතු මාතෘකාවක්. ඒක ගැන ඉදිරි ලිපියකින් කථා කරමු) අපිට මේ ෆැන්ටසිකරණයට ඇති හැකියාව ඉහල නංවා ගන්න පුළුවන්.

ෆෝන් සෙක්ස් වලදී වෙන්නේ අපේ මනස තුල ඇති මේ විචිත්‍ර ෆැන්ටසි වචන බවට පරිවර්තනය කර රස විඳීමයි. එම වචන හා සිතුවිලි හරහා අපි මානසික ලිංගික ක්‍රියාවලියක් අත්දකිනවා. හරියට ෆිල්ම් එකක් වගේ. හැබැයි ඒකෙ ස්ක්‍රිප්ට් එක ලියන්නෙත්, අධ්‍යක්ෂණය කරන්නෙත්, රඟපාන්නෙත් අපිම තමයි.

මෙහිදී වචන වලට අතිශය වැදගත්කමක් හිමිවෙනවා. මොකද රූපය නොපෙනෙන නිසා හැම හැඟීමක් ම ගලා යන්නේ වචන හරහා. ඉතින් ඔබට වචන භාවිතයට ඇති හැකියාවත් මෙහිදී ඉතා වැදගත් වෙනවා. ඔබගේ සහකරු වඩාත් උද්දීපනය කරන්න පුළුවන් ඔබේ කුමන වචනවලටද කියලා ඔබ දැනගත යුතුයි. ඒ වගේම තමයි රාගික කෙඳිරිලි හඬ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඉබේම සිදුවෙනවා.

මට මම අත්විඳපු සෑම ‍ෆෝන් සෙක්ස් සම්බන්ධයකදීම රඟපාන්න වුනේ ඇක්ටිව් පාට්නර්ගේ රෝල් එක. හේතුව මගේ සහකාරි‍යන් ඇක්ටිව් පාට්නර් කෙනෙක් වෙනවට වැඩිය මම කියන දේවල් රසවිඳිමින් පැසිව් පාට්නර් විදියටම සිටීමට කැමැත්තක් දැක්වීම. හැබැයි ඉතින් ඒකට මගෙත් අකමැත්තක් නෑ. කොහොමටත් ඉතින් ලිංගික සම්බන්ධයකදී බො‍හෝවිට ඇක්ටිව් පාට්නර් වෙන්නේ පිරිමියානේ.  කොහොම වුනත් ඇක්ටිව් පාට්නර් වෙන්න කැමති කෙල්ලෙක් එක්ක එම අත්දැකීම විඳගන්න ආසයි.

මම සැබෑවටම ලිංගික සම්බන්ධයක් නොපවැත්වූ සහකාරියන් එක්කත් මම ‍ෆෝන් සෙක්ස් සම්බන්ධතා පවත්වලා තියෙනවා. සමහර අය කවදාවත් පිරිමියෙක් එක්ක තනිවෙලා නැති අය. මේකෙන් ඔවුන්ට ලැබෙන වාසිය තමයි ප්‍රථම ලිංගික අත්දැකීමට පහසුවෙන් මුහුණ දීමට මානසික සූදානමක් ඇති කර ගැනීමට හැකිවීම. ගොඩක් අයට ප්‍රථම ලිංගික අත්දැකීම එච්චරම ආකර්ශනීය එකක් නොවෙන්නේ මානසික පෙරහුරුවක් නොමැති කම හින්දා.

හැබැයි ඔබේ සමීප සහකරුවෙක් සමඟ මේක අත්විඳීමේදී ඔබට ඔහුගේ ශරීරය හා යහනේදී ඔහුගේ හැසිරීම ගැන තියෙන පූර්ව අත්දැකීම් එක්ක වඩා උපරිම අත්දැකීමක් ලබන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධය උපරිම ආශ්වාදයක් දක්වා සුමටව ගලා යාමට දෙදෙනා අතර ඇති අවබෝධය උපකාරී‍ වෙනවා. ඔබට ඔබගේ සහකරුව නිතර හමුවීමට අවස්ථාවක් නැත්නම් (පිටරටක වගේ ඉන්නව නම්) ඔබ දෙදෙනාගේ ලිංගික හැඟීම් බෙදා ගැනීමට හා ලිංගිකත්වය අත්විඳීමට නොලැබීම නිසා ඇතිවන මානසික පීඩනය අවම කර ගැනීමටත් ෆෝන් සෙක්ස් මඟින් පුළුවන්.

වාණිජ ෆෝන් සෙක්ස් සේවා නම් ලංකාවේ කොහෙවත් තියෙනවා කියලා මම අහලා නෑ. සමහරවිට පුද්ගලික මට්ටමින් සේවා සපයන අය නම් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. මොකද මේක ගණිකා නිවාස වගේ සමාජ ප්‍රශ්න ඇති නොකර බොහොම අහිංසකව පාරිභෝගිකයන් තෘප්තිමක් කර මුදල ඉපැයීමට තිබෙන මාර්ගයක් නිසා.

ඔබත් මේ දේ අත්විඳලා නැත්නම් ඔබගේ සහකරු හෝ සහකාරිය එක්ක අදම අත්විඳලා බලන්න. ඇය හෝ ඔහු ඒකට ඉතාමත්ම කැමති වෙන බවට කිසිම සැකයක් නෑ. හැබැයි ඉතින් ටෙලිෆෝන් බිල් ගැන නම් මම වග කියන්නේ නෑ.

Posted in ආදර කථා, ආදරය, ලිංගිකත්වය, සිනමාව | Tagged: , , , , , | 1 Comment »