Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Posts Tagged ‘lost love’

මේ වැටෙන්නේ ආදරයේ උණුම උණු කඳුළු බිඳුවයි …………..

Posted by lostinromance මත ජූලි 17, 2011

සිත යකාගේ කම්මලක් මෙන් වෙයි. ඔබ කරන දේවල් ගැන වැටහීමක් නොමැතිව යයි. සාංකාවක් වැනි හැඟීමක සිරවී පැය ගණන් දැවී අළුවී යයි. නැවත ගොඩ ඒමක් නොමැති බව ඔබට හැඟෙයි. කිසිම දෙයක් කිරීමට හිත හදාගත නොහැක. අතීත මතකයන් අතර සිරවී ඇත. ඔබට ලෝකය එපා වී යයි. ලෝකයට ඔබව එපා වී ඇතැයි හැඟෙයි. ලෝකය ඔබව තනිකර දමා ඇත.

එය හා සම කල හැකි වෙනත් හැඟීමක් මානව හැඟීම් අතර නොමැත. ඔබගේත් ආදරය අහිමිවී ගියාද? දරාගත හැකි නොහැකි ඒ හැඟීම ඔබව ටිකින් ටික මරා දමමින් සිටී ද? ඒ හැඟීම වටහාගත හැක්කේ වරක් එය අත් දැක ඇති කෙනෙකුටම පමණි.

මෙවැනි තත්වයකදී අනුගමනය කල යුතු උපදෙස් පොත් වල, වෙබ් අඩවිවල කොතරම් තිබුනත් එවැන්නක් සිදු වූ මොහොතක ඔබට ඒවා බලන්නට වත් හිතෙන්නේ නැති බව ඇත්තය. බැලුවත් ඒවායේ තියෙන දේවල් කරන්නට කරන්නට පුළුවන්ද යයි ඔබට සිතෙනු ඇත. එහෙත් මා විශ්වාස කරන්න, ඔබට දැනෙන හැඟීමම මේ ලෝකයේ බොහෝ දෙනා ජීවිතයේ එක් වරකදී හෝ මීට පෙර අත්දැක ඇත. එය අතිශයින් සාමාන්‍ය දෙයකි. එබැවින් ඔබ දැන් අත්විඳින දුෂ්කර සහගත කාලයෙන් ගැලවීමක් නොමැත. ඔබට කළ හැක්කේ එම කාලය කෙටි කර ගැනීම පමණි.

ආදරය බිඳ වැටුන මොහොතේ කළ යුත්තේ කුමක්ද?

1. ඔබේ ජීවිතයේ එදිනෙදා කරන සාමාන්‍ය දේවල් අතපසු නොකරන්න.

– කෑම, බීම වෙලාවට ගැනීම අතිශයින්ම වැදගත්ය. නෑම ඒ හා සමානව වැදගත්ය. හැකිතරම් ජලය පානය කරන්න.

2. ව්‍යායාම්

– ඔබ සාමාන්‍යයෙන් ව්‍යායාම් කරන අයෙක් නම් එය නොකඩවා කරගෙන යන්න. නොකරන අයෙක් නම් දිනකට සුළු වෙලාවක් හෝ ව්‍යායාම්වල නිරත වීමට උත්සාහ කරන්න.

3. සිහිවටන ඇස නොගැටෙන ලෙස තබන්න.

– ඔබ දෙදෙනාගේ ආදරය නැවත නැවත සිහිවන දෑ අසල තබා ගැනීමෙන් වළකින්න. පින්තූර, සිහිවටන, SMS ආදී සියල්ල විනාශ කර දමන්න. එසේ කිරීමට අපහසු නම් නොපෙනෙන මානයක තබන්න.

4. හැකිතරම් මිතුරන්, පවුලේ අය සමඟ කාලය ගත කරන්න. නිවසේ හුදකලාව සිටීමෙන් වළකින්න.

5. මත්පැන් කෙටි කාලීන පිළිතුරක් ලෙසට හැඟී යා හැකි නමුත් එය ඔබව තව තවත් වියවුලට පත් කරන බව මතක තබා ගන්න.

කාලය ඔබේ සන්තාපයට විසඳුම් ලබා දෙනු ඇති. ඉවසීමෙන් කාලය ගත කරන්න. දුකට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න.

Posted in ආදරය, Uncategorized | Tagged: , , , , | 2 Comments »

වැස්ස – The Rain

Posted by lostinromance මත නොවැම්බර් 18, 2009


ආයෙත් වැසි සමයක්. කොළඹ මල් පාරේ මල් ගස් හේදී ගෙන මෝසම් වැසි ඇද හැලෙද්දී වැස්සේ ඒ වැස්සට තෙමිලා දූවිලි ඉවත්වෙලා කාපට් පාර ඔපවත් වෙලා. පාර්ක් එකේ තුරු ලතා නැවුම් පෙනුමකින් අළුත් පණකින් අවදි වෙලා. රස්නය මැකිලා සුන්දර සිසිලසක් නගරය වෙලා ගෙන.

වැස්ස හින්දා වෙනස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විතර ද? ආදරණීය මතකයන්, කඳුළු, සිනහා, දුක් සුසුම්. වැස්ස කියන්නේ මේ සියල්ලේම සංකලනයක්. වැස්සත් එක්ක අපේ හදවත්වල හැංගිලා තියෙන කොපමණ දේවල් මතුපිටට එනව ද?

වැස්සෙ තියෙන්නේ අමුතුම රිද්මයක්. මට හිතෙන හැටියට ඒක අපේ හදවතේ රිදම් එකට හරියටම මැච් වෙනවා. එක සීරුවට එක දිගට වහින වෙලාවක ඒකෙ හඬත් එක්ක ඒකාත්මික වෙලා ටිකක් වෙලා අහලා බලන්න. ඔබේ හදවතේ ඇති ගැඹුරුම මතකයන් අවදි වෙනවා ඔබට දැනෙයි.

සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක් යන හැටි

මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි

[Amaradewa]

ඉතින් අද මේ ඇදහැලෙන වැස්සත් එක්ක මගේ හැංගිලා තිබුන ආදරණීය හීනයකට නැවතත් පණ ලැබුනා.  හීනය විස්තර කරන එක තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ හිත ආයෙත් පාරක් පෑරෙන එක විතරයි. ඒත් උඩට ආපු හීනය ආයෙත් නිදන්ගත ‍කරන්න වැස්ස ඉවරවෙනකම් ඉන්න වෙයි ද? එත් හෙටත් වැස්සොත්. දිගටම වැස්සොත්.

වැස්ස කවදාවත් ඉවර වෙන්නේ නෑ. මාස ගාණක් පෑව්වත් කොයි මොහොතක හෝ නැවතත් සුපුරුදු හඬින් වැස්ස ඇද හැලෙනවා. අපේ මතකයනුත් ඒ එක්කම නැවතත් පණ ලබනවා.

පෙම්වතුන්ට වැස්ස කියන්නේ ආශිර්වාදයෙක්. වැස්සට බනින පෙම් යුවළක් මට නම් කවදාවත් හමු වෙලා නෑ. ඒත් සමහර අයට නම් වැස්ස කියන්නේ දුක්බර මතකයන් අවදි කරන අවාසනාවන්ත හඬක් විතරයි. එත් ඒක කොච්චර අවාසනාවන්ත හඬක් වුනත් ඒ අය වැස්සට යටි හිතින් කැමතියි.

අනේ මේ වැස්ස දැන්වත් ඉවර වෙනවා නම්.

කමක් නෑ. එයත් මේ කුඩා නගරයේම කොහේ හෝ ඉඳගෙන මේ වැස්සෙ රිද්මයට මම වගේ ම කන් දෙනවා ඇති නේද?

I see dark clouds out my window
I know the storm is coming any minute
And the thunder just confirms my fears
And I know the tears are in it
I’ll be cryin unable to stop
Look here comes the very first drop
cause every time it rains
I fall to pieces
So many memories the rain releases
I feel you
I taste you
I cannot forget
Everytime it rains
I get wet
[Ace of Base]

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය | Tagged: , , , , , , , , , , , , , | 2 Comments »

නිෂ් ……..

Posted by lostinromance මත මාර්තු 30, 2009

2804653236_8bf94d9ae0_b

කාමරයේ සියලුම දොර ජනෙල් වහලා තිබුණ නිසා එලියෙ වහින වැස්සෙ හීතල කාමරේ ඇතුලට දැනුනෙ නෑ. ඒ කුඩා හෝටලේ තිබුනෙ මොරටුව කොරළවැල්ලෙ බොල්ගොඩ ගඟ අයිනේ. ලස්සන පරිසරයක් එලියෙ තිබුනත් එලියට ගිහින් පොඩ්ඩක්වත් කාලෙ නාස්ති කරන්න අපි දෙන්නම කැමති වුනේ නෑ. එයා හිටියේ ඇ‍ෙඳ් විට්ටමට හේත්තු වෙලා. නිෂාලි.. ඒක තමයි ඇයගෙ නම. ඒක විකාර නමක් කියලා මම නිෂ් ට කිව්වම එයත් කිව්වා හ්ම්ම් කියලා. ; මම එයාගේ උකුලේ ඔලුව තියාගෙන එයාගේ ලස්සන මුහුණ දිහා බැලුවා. ෂා…. නිෂ් ඇත්තටම සරාගී කෙල්ලෙක් ද නැත්තම් මගේ ලිංගික හැඟීම් ඇවිස්සිලා තිබුණ හින්දා එයාව මට ඒ විදියට පෙනුනද දන්නෑ… ඒත් එයාට ලේසියෙන්ම පිරිමියෙක්ව අවුස්සන්න පුලුවන්කම තිබුණ බව මට දැන් හැ‍ඟෙනවා. මොහොතකට කලින් මගේ දෙතොල් අතරේ හුරතල් වෙච්ච රසම රස තිසර තුඩු තාමත් මා දිහා බලාගෙන ඉන්නවා වගෙයි. මම එහෙම කරන කොට එයාගෙ සරාගී දැඟලිල්ලයි කෙඳිරියයි හින්දා මගේ හැඟීම් තව තවත් ඇවිස්සුනා. අවුරුදු විස්සක නාඹර තරුණ වියේ වූ ඇගේ සිරුරේ නැති උණුසුමක් වෙන කොහේ තියෙන්නද. ඇයට ලස්සන සිරුරක් තිබුනා. හැබැයි ඒක ඇඳුම් වලින් එලියට ප්‍රක්ෂේපණය වුනේ නෑ. නිෂ් ගේ ලස්සන පෙනුනේ ඇය නිරුවතින් ඉන්නකොට. ඇත්තටම ඒ ලස්සන සිරුරේ උණුසුම විඳගන්න නම් හොඳ සංයමයක් තියෙන්න ‍ඕනෙ. සියුම් ඇඟිලි තුඩු පහසට ඇය හරි සංවේදීයි. අපේ ආදරේ වයස මාස 5 ක් විතර වුනත් අපේ ලිංගික ඇසුර ඒ වෙනකොට පරිපූර්ණ තත්වෙට පත්වෙලා තිබුණා. ඒ කියන්නේ අපි දෙන්නම අපි දෙන්නගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන හිටියා. ආදරෙත් එක්ක එන ලිංගිකත්වයෙයි නොදන්න තරුණියක් එක්ක හදිසියේ ඇතිවෙච්ච හාද කමකින් පසුව ඇතිවන ලිංගික සම්බන්ධතාවයෙයි වෙනස අහසට පොළව වගේ කියල මට ඒ වෙන‍ෙකාට දැනෙමින් තිබුණා. ඩුප්ලිකේෂන් පාරෙදි ගිනි රස්නෙ දවසක මහ දවල් බස් හෝලට් එකකදි කථා කරලා ඊළඟ ඉරිදා මාත් එක්ක දෙහිවල කොන්කොඩ් ‍එකේ කාමරයක උදේ ඉඳන් හවස් වෙන තුරු හිටපු නිල්මිණිව මට එතකොට මතක් වුනා. ඇය කරන රස්සාව, ඒ කියන්නේ කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක උගන්නනවා කියල මම දැනගත්තෙත් එදා. ඊට කලින් මට කියල තිබුනෙ ස්ටඩීස් කරනවා කියලා. සාමාන්‍යයෙන් කියන විදියට නම් ඇයට තියෙන්නෙ පිස්සු හැදෙන ෆිගර් එකක්. ඇත්තම කියනවා නම් ඇයත් එක්ක පළවෙනි පාරට කථා කරනකොටත් මගේ ඉන්ද්‍රියන් අවදි වෙනවා මට දැනුනා. ඒත් එයත් එක්ක මම එකතු වෙච්ච එක පාරක් වත් නිෂ් එක්ක ඉන්න මොහොතකටවත් සම කරන්න බෑ. ඒත් නිෂ් ඒ වෙනකොට උපරිමයෙ හිටියෙ නෑ කියල මට හිතුනා. ඇයත් එක්ක ගත කරන දවසින් දවස ඇයට ඒක විඳින්න තියෙන හැකියාව ඉහල ගියා. ඉතින් එයත් එක්ක ගත කරන හැම දවසක්ම මට මාර දවසක් වුනා. මම ඇයට ආදරය කරන්නත් පටන් අරගත්තා ….

මතු සම්බන්ධයි …

Posted in ආදර කථා, ආදරය, ලිංගිකත්වය, Uncategorized | Tagged: , , , , | 2 Comments »