Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Posts Tagged ‘cinema’

The Reader (2008)

Posted by lostinromance මත අප්‍රේල් 1, 2009

10read.1.600

ස්ටීවන් ඩැල්ඩ්‍රි අධ්‍යක්ෂණය කළ අපූරු සිනමාපටයක්. පශ්චාත් දෙවන ලෝක යුද සමයේ සිට දශක කිහිපයක් ඉදිරියට දිවෙන කථා පුවතක් චිත්‍රපටයට තේමාව වී තිබේ. රාගය, ආදරය, ආශාව, වෛරය ආදී විවිධ මානුෂික හැඟීම් සියල්ලම කැටි කොට ගත් නිර්මාණයක් වූ ද රීඩර් එක් තේමාවකට සීමා වූ චිත්‍රපටයක් නොවේ. අතිශය අනුරාගික දර්ශන වලින් සමන්විත වූ චිත්‍රපටයේ මුල් භාගය නරඹා කුල්මත් වන ප්‍රේක්ෂකයන් ඊට සපුරා වෙනස් මානයක් ‍ඔස්සේ හරවා යවන්නට ඩැල්ඩ්‍රි සමත් වේ.

චිත්‍රපටය ඇරඹෙන්නේ පහළොස් හැවිරිදි මයිකල් බර්ග් නැමැති තරුණ පාසල් ශිෂ්‍යයා ට්‍රෑම් රථයකදී අසනීපවෙන දර්ශනයකින්. ට්‍රෑම් රියෙන් බැස නිවාස පේළියකට ඇතුළුවන දොරටුව අසල වාඩිවී වමනය කරන ඔහුට පිහිටවන්නේ අවුරුදු තිස් පහක් පමණ වයසැති රූමත් කතක්. ට්‍රෑම් රථ ‍ෙකාන්දොස්තරවරියක ලෙස සේවය කරන ඇය ජීවත් වන්නේ ඒ අසල උඩු මහලක ඇති නිවාසයකය. නිවසට යන මයිකල්ට බරපතල උණ රෝගයක් වැළඳී ඇති බව නිශ්චය කරන වෛද්‍යවරයා මාස තුනක් ඇඳට වී විවේක ගැනීමට නියම කරයි.

තෙමසකට පසු සම්පූර්ණයෙන් සුව වූ මයිකල් මල් කළඹක් ද ගෙන ඇයගේ නිවසට යන්නේ ඇයට ස්තූතිය පළ කිරීමටයි. ඇය ඔහුගේ පැමිණීම ගැන එතරම් තැකීමක් නොකරන නමුත් තමන් සමඟ ට්‍රෑම් රථ නැවතුම් පලට යාමට ඔහුට ආරාධනා කරයි. ඇය හැඳ පැළඳ ගන්නා තුරු එළියට වී ඉන්නා ඔහුට බාගෙට විවරවූ දොරෙන් ඇයගේ අඩ නිරුවත් හැඩකාර සිරුර දර්ශනයවේ. ඒ කෙරෙහි වශීකෘත වී නොසෙල්වී බලා සිටින මයිකල්ගේ දෙනෙත් වලට එක්වරම දොරටුව දෙස බලන ඇයගේ දෙනෙත් හමුවේ. ලැජ්ජාවට පත්වන ඔහු එතනින් ඉවත්වී පලා යයි.

නමුත් දින කිහිපයකට පසු මයිකල් නැවත එන්නේ සිදුවීම ගැන සමාව ගැනීමට යි. නමුත් ජීවිතයේ අත්දැකීම් සපිරි ඇයට ඔහුගේ සිතැඟි හඳුනා ගැනීම අපහසු වන්නේ නෑ. තමාගේ සරාගී සිරුරට වශීවී ඔහු ආ බව දන්නා ඇය ඔහුව ගල් අඟුරු ගෙන ඒම සඳහා බිම් මහලට යවයි. ගල් අඟුරු කුඩු සිරුර පුරා තවරාගෙන එන මයිකල් දෙස බලා දඟකාර ලෙස සිනාවෙන ඇය ඔහුව දුහුල් තිරයකින් ආවරණය කර ඇති නාන බේසම වෙත කැඳවා ගෙන යයි. බිය නොවී නිරුවතින් ජලයට බසින ලෙස ඔහුට පවසන ඇය ඔහු ඇඳම් ඉවත් කරන දෙස හොරැහින් බලා සිටින අතර මයිකල් ආපසු හැරී බලද්දී එතනින් ඉවත්වේ. නෑම අවසානයේ ඇය විසින් තුවාය දවටන තුරු පිටුපා හැරී සිටින ඔහුගේ පිට පෙදෙස පුරා දිවයන ආකර්ශනීය පහස නිසා ඔහු තිගැස්සේ. ඒ අන් කිසිවක් නොව ඇයගේ පිරිපුන් පියවුරු යුගලයි. ඇයගේ දෑත් ඔහුගේ නොඉඳුල් සිරුරේ රහස් සොයමින් දිව යාමට පටන් ගනී. කිසිදා ගැහැණියකගේ පහස නොලත් යොවුන් මයිකල් ඇයගේ සරාගී ස්පර්ශය හමුවේ ගල් ගැසී සිටිනා අයුරු ප්‍රේක්ෂකය‍ාට පෙනේ….

To Be Continued …..

Advertisements

Posted in Uncategorized | Tagged: , , , , | Leave a Comment »