Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

The Reader (2008) – II

Posted by lostinromance මත නොවැම්බර් 22, 2009

( I කොටස )

එතැන් සිට චිත්‍රපටය දිවයන්නේ මෙම නව යොවුන් තරුණයාත්, තරුණ විය පසු කරමින් සිටින වෘත්තියෙන් ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක වන ගැහැණියත් අතර ඇති වන අතිශය සමීප, ලිංගිකත්වය හා ආදරය කැටිවූ සම්බන්ධය විදහා දැක්වෙන රූප රාමු පෙලක් ඔස්සේ යි‍. ආදරය හා ලිංගිකත්වයට සීමා මායිම් නොමැති බව මෙම රූප රාමු පෙළ ප්‍රේක්ෂකයාට යළි යළිත් පසක් කර දේ. ඉතා මැනවින් හා සංයමයෙන් රූගත කර ඇති මෙහි ඇති ලිංගික හා ආලිංගන දර්ශන මෙම සබැඳියාවේ ගැඹුර ඉතා හොඳින් ප්‍රකට කරවයි.

තමන් පාසලේ උගන්නා ලෝක ප්‍රකට සාහිත්‍ය කෘති රැගෙන ගෙන එන ඔහු ඒවා ඇයට ඇසෙන්නට කියවයි. ඇය ඔහුට ළංව ඒවා රස විඳියි. චිත්‍රප‍ටයේ නාමය වන ද රීඩර් යන්න ගොඩනැගෙන්නේ ද මේ කථා කියවීම හරහා බව මේ වන විට ප්‍රේක්ෂකයාට ඒත්තු යයි. ඇය තමන්ගේ කියවන කථා ඇසීමට ප්‍රියකරන බව දන්නා ඔහු එය ඉමහත් උනන්දුවකින් සිදු කරයි. ඇගේ සිතැඟි කෙරේ අතිශයෙන් සංවේදී මයිකල් පාසලේ දී සම වයසේ රූබර තරුණියන්ගෙන් ලැබෙන ආදර ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ ඔහු එම ගැහැණිය කෙරේ ආශක්තව ඇති ප්‍රමාණය අපට පෙන්වමිනි. එමෙන්ම කලින් පෞරුෂත්වයක් නොමැති ඔතෑනි යෞවනයකු වූ මයිකල් මේ අසම්මත සම්බන්ධයත් සමඟ හොඳ පෞරුෂත්වයක් සහිත ක්‍රියාශීලී තරුණයකු බවට පත්වේ. එය සිදුව‍න්නේ යහනේ දෙව්දුවක් වන් මෙම රූබර ගැහැණිය සමඟ රමණයේ යෙදීමට ලැබීම යන සම වයසේ අනෙක් යෞවනයන්ට භුක්ති විඳීමට නොලැබෙන ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නිසා ‍ඔහු තුල ගොඩනැගෙන මානසික විශ්වාසය නිසා නො‍වේ ද?

තමන් අතර ඇති වයස් සීමා පරතරය හා බාහිර නොගැලපීම ‍ආදිය ආදරයෙන් වෙලුන ඔහුට නොපෙනී යන අයුරු මෙහි හොඳින් නිරූපණය වෙයි. එම ගිම්හානයේ දවසක ඇය හා ඔහු බයිසිකල් සවාරියක යෙදේ. එහි දී හමුවන ගැහැණියක් ඇයව ඔහුගේ මව ලෙස සිතයි. සමාජ සම්මතයන්ට පිටුපා යාමට කැමති යොවුන් වයසේ පසු වන ඔහු ඇගේ එම හඳුන්වා දීම තුලින් තමන්ගේ වීරත්වයක් දුටුව ද හැනා එය කෙරෙහි සංවේදී වෙන අයුරු අපට තිරය මත පෙනේ.

හැනා ද මයිකල් සමඟ කාලය ගත කිරීමෙන් සතුටු වන බව හා ඔහුට ආලය කිරීමට පටන් ගෙන ඇති බවක් අප දුටුව ද ඇගේ චරිතය පුරා දිවයන ගුප්ත බව අප සසල කරවයි. ඇය කිසියම් රහසක් සඟවා ගෙන සිටින ගැහැණියක් බව මෙම චරිතය රඟන ශූර නිළිය තමන්ගේ විස්මිත රඟපෑම ඔස්සේ නිරන්තරයෙන් පෙන්වයි. ඇය සඟවා ගෙන සිටින රහස කුමක් ද? අප කිසිසේත්ම නොසිතන එවැනි මානයක් පුද්ගලයෙකුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමට සමත් වන්නේ කෙසේ ද?

ඔවුන් එකතුව ගෙවන එම ගිම්හාන‍යේ කෙළවර දිනෙක කිසිම ළකුණක් ඉතිරි නොකර ඇය තම නවාතැනෙන් සමුගෙන යයි. තමන් ගේ අවසන් හමුවේ දී ඇයගේ හැසිරීම ගැන සැක සිතුනු මයිකල් නැවත ඇගේ නවාතැනට පැමිණි විට තමන්ගේ සැකය හරි බව ඔහුට පෙනෙයි. එමඟින් ඔහු දරා ගත නොහැකි ශෝකයට පත් වෙන නමුත් ඔහුගේ ජීවිතය ඉදිරියට ගලා යයි. චිත්‍රපටය තුල අපට නැවත ඔහු හමුවන්නේ අට වසරකට පසු නීති ශිෂ්‍යයෙකු ලෙසයි.

ඔවුන‍්ගේ දෙවන හමු වීම සිදුවන්නේ කෙසේ ද? හැනා අනුකම්පාව ලැබිය යුතු චරිතයක් ද? නැතිනම් ඇය මුහුණ දුන් ඉරණම ඇයට උරුම වූවක් ද? සම්මත වුවද අසම්මත වුවද ආදරය යනු මිනිස් ජීවිත සසල කර දමන කිසිදා කිසිවෙකුට තේරුම් කළ නොහැකි අත්දැකීමක් නොවන්නේ ද? ඒ හා බැඳුනු සිදුවීම්, භෞතික දෑ ජීවත් වන තුරා අපගේ අධ්‍යාත්මය සමඟ කෙලෙස බැඳී පවතී ද?

මෙම පැන ඔබට ඉතිරි කරමි.

අධ්‍යක්ෂණය – ස්ටීවන් ඩැල්ඩ්‍රි
හැනා – කේට් වින්ස්ලේ
මයිකල් – රැල්ෆ් ෆියෙන්ස්
මයිකල් (තරුණ) – ඩේවිඩ් ක්‍රොස්

චිත්‍රපටිය ගැන වැඩිපුර  විස්තර අයි.එම්.ඩී.බී, විකිපීඩියාව

Advertisements

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , | 2 Comments »

වැස්ස – The Rain

Posted by lostinromance මත නොවැම්බර් 18, 2009


ආයෙත් වැසි සමයක්. කොළඹ මල් පාරේ මල් ගස් හේදී ගෙන මෝසම් වැසි ඇද හැලෙද්දී වැස්සේ ඒ වැස්සට තෙමිලා දූවිලි ඉවත්වෙලා කාපට් පාර ඔපවත් වෙලා. පාර්ක් එකේ තුරු ලතා නැවුම් පෙනුමකින් අළුත් පණකින් අවදි වෙලා. රස්නය මැකිලා සුන්දර සිසිලසක් නගරය වෙලා ගෙන.

වැස්ස හින්දා වෙනස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විතර ද? ආදරණීය මතකයන්, කඳුළු, සිනහා, දුක් සුසුම්. වැස්ස කියන්නේ මේ සියල්ලේම සංකලනයක්. වැස්සත් එක්ක අපේ හදවත්වල හැංගිලා තියෙන කොපමණ දේවල් මතුපිටට එනව ද?

වැස්සෙ තියෙන්නේ අමුතුම රිද්මයක්. මට හිතෙන හැටියට ඒක අපේ හදවතේ රිදම් එකට හරියටම මැච් වෙනවා. එක සීරුවට එක දිගට වහින වෙලාවක ඒකෙ හඬත් එක්ක ඒකාත්මික වෙලා ටිකක් වෙලා අහලා බලන්න. ඔබේ හදවතේ ඇති ගැඹුරුම මතකයන් අවදි වෙනවා ඔබට දැනෙයි.

සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක් යන හැටි

මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි

[Amaradewa]

ඉතින් අද මේ ඇදහැලෙන වැස්සත් එක්ක මගේ හැංගිලා තිබුන ආදරණීය හීනයකට නැවතත් පණ ලැබුනා.  හීනය විස්තර කරන එක තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ හිත ආයෙත් පාරක් පෑරෙන එක විතරයි. ඒත් උඩට ආපු හීනය ආයෙත් නිදන්ගත ‍කරන්න වැස්ස ඉවරවෙනකම් ඉන්න වෙයි ද? එත් හෙටත් වැස්සොත්. දිගටම වැස්සොත්.

වැස්ස කවදාවත් ඉවර වෙන්නේ නෑ. මාස ගාණක් පෑව්වත් කොයි මොහොතක හෝ නැවතත් සුපුරුදු හඬින් වැස්ස ඇද හැලෙනවා. අපේ මතකයනුත් ඒ එක්කම නැවතත් පණ ලබනවා.

පෙම්වතුන්ට වැස්ස කියන්නේ ආශිර්වාදයෙක්. වැස්සට බනින පෙම් යුවළක් මට නම් කවදාවත් හමු වෙලා නෑ. ඒත් සමහර අයට නම් වැස්ස කියන්නේ දුක්බර මතකයන් අවදි කරන අවාසනාවන්ත හඬක් විතරයි. එත් ඒක කොච්චර අවාසනාවන්ත හඬක් වුනත් ඒ අය වැස්සට යටි හිතින් කැමතියි.

අනේ මේ වැස්ස දැන්වත් ඉවර වෙනවා නම්.

කමක් නෑ. එයත් මේ කුඩා නගරයේම කොහේ හෝ ඉඳගෙන මේ වැස්සෙ රිද්මයට මම වගේ ම කන් දෙනවා ඇති නේද?

I see dark clouds out my window
I know the storm is coming any minute
And the thunder just confirms my fears
And I know the tears are in it
I’ll be cryin unable to stop
Look here comes the very first drop
cause every time it rains
I fall to pieces
So many memories the rain releases
I feel you
I taste you
I cannot forget
Everytime it rains
I get wet
[Ace of Base]

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය | Tagged: , , , , , , , , , , , , , | 2 Comments »

Lost in (Romance + Nature)

Posted by lostinromance මත සැප්තැම්බර් 21, 2009

සුමුදු සුළඟක් වැව් ජල තලය සිප ගෙන විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ සරාගී විදියට කළඹමින්. ඇගේ නිරාවරණයවූ සුන්දරත්වය මතට පතිතවූ වියළි පත් ටිකක් සුමුදු හඬක් නංවාගෙන ඇවිත් මගේ සිරුර මතට වැටුනා. වැව් දියට හරියටම ඉහළින් තිබුන හිරුගෙන් මද්දහනේ නික්මුණු හිරු කිරණ අප වටා තිබුණ විශාල වෘක්ෂයන් අතරින් යන්තම් පෙරී ගෙන ඇවිත් ආදරයෙන් එකිනෙකාට වෙළුන අපි දිහා හොරෙන් බලනවා දැනුනා. ඒත් වැව් ජලය සිපගෙන ආ සිසිල් සුළඟත්, තුරුලතා වල සිසිලසත් පරදන්න ගිනි‍ ගෙන දිලෙන ඉරට පුළුවන් වුනේ නෑ.

ඇ‍ය හිටියේ මගේ සිරුර මත වාඩි වෙලා. ඇගේ මෘදු පහසේ අන්තිම ඉම සොයා ගන්නට මට ඉඩ දෙන්න වගේ, ඇය, ඇගේ සුමුදු වත සරාගිකව චලනය කලා. ඒ සුමුදු තෙතමනයේ පහස මගේ ආත්මය සිසාරා දැනෙමින් තිබුනා.

අපි හිටියේ වැව් ඉවුරේ තුරු ලතා අතරේ තණ බිස්සක් මත එලපු මෙට්‍රස් එකක් මත. ඒක ගොඩක් ලොකු එකක් නොවුනට තණ බිස්සේ රළු බව අපේ සිරුරු වලට දැනෙන්නට නොදී රැඳී ඉන්න ප්‍රමාණවත් එකක්. අවට තිබුණ තුරු ලතා අපිව සඟවා ගන්න ප්‍රමාණවත් කියලා දැනුනත් මුලින් හිතේ පුංචි චකිතයක් තිබුනේ නැත්තෙත් නෑ. ඇය නම් මගේ අදහස මුලින් එක හෙළා ප්‍රතික්ෂේප කලත් මේ ස්ථානය ගැන මගේ තිබුණ දැනුමට අනුව අපිව කාගෙවත් ඇස ‍ගැටෙන්නට ඉඩක් නැති බව පෙන්නල දීලා මම කොහොම හරි ඇයව කැමති කර ගත්තා. හැබැයි අන්තිමට නම් එයා හිටියේ ඇගේ සුමුදු ග්‍රහණයට මාව මුළුනින්ම නතු කරගෙන. මම දැන් යමු කිව්වත් අනේ තව ටිකක් ඉමු කියලා ඇය කිව්වා.

අපි හිටියේ එක්තරා වැවක් අද්දර තිබූ වැඩිපුර ‍ප්‍රකට නොවූ සංචාරක නිවාසයක. අපේ මිතුරන් පිරිසගේ පිරිසගේ බලවත් විරෝධය මැද වුනත් ඔවුන්ගේ දවසේ සැලැස්මට එකතු නොවී ඉන්න අපිට පුළුවන් වුනා. ඔවුන් සවස් වන තෙක් නැවත නොඑන බවට කිසිම අවිශ්වාසයක් නෑ. ඉතින් අපේ නිදහසේ සීමාවන් ස්පර්ෂ කරන්නට පුළුවන් කවුරුවත් ඒ සොඳුරු පරිසරයේ හිටියේ නෑ. තුරු ලතාත්, රැලි නංවමින් සෙමින් චලනය වූ වැව් දියත්, නිල් අහසත් හැරෙන්නට.

මම කවදාවත් ඒ වගේ පරිසරයකදී නොදුටු සළු පිලි ඉවත ලූ ඇගේ සුන්දරත්වය දිහා වශීකෘතව බලා ගෙන හිටියා. ඇත්තට සොබා දහමේ රිද්මයත් එක්ක ඒක දැනෙන හැටි කොයි තරම් වෙනස් ද? ඇගේ කවදාවත් නොදුටුව අමුතු සුන්දරත්වයක් එදා මම දැක්කා. සුළං රැලි අපිව උන්මාදයට පත් කරද්දී මම ඇගේ රසවත්ම තැන් හොයා ගෙන මගේ තොල් පෙති ඇගේ සිනිඳු සම මත සෙමින් ගෙන ගියා. ඇගේ සැඟවුනු කුසුම් පෙති මත මගේ දෙතොල තෙරපෙන කොට ඒක දරාගන්නට නොහැකිව වගේ ඇගේ ලය වේගයෙන් උස් පහත් වුනා. ඒ ලස්සන තිසරුන්ගේ සුමුදු තුඩු නිල් ජල තලයට සමාන්තරව මගේ දෙනෙත් අබියස මැව්වේ සිහින ලෝකයක ඉන්නවා වගේ හැඟීමක්. ඇගේ අතැඟිලි මගේ කෙස්රොද අතර තෙරපෙමින් තවදුරටත් මගේ මුව ඇගේ රස සොයන්නට ඇය වෙතට ලං කර ගත්තා.

ඊළඟ මොහොතේ මම සිටියේ ඒ තිසර තුඩු වල රිද්මයට නතු වෙලා. ඒ වෙන කොට ‍හැමදාම වෙන විදියට මමත් ඇයත් හිටියේ මුළුනින්ම මේ ලෝකෙන් ඈත් වෙලා ආශාවේ මුහුදේ කිමිදෙමින්. ඇගේ තොල් පෙති මාව හොයා ගෙන එද්දී මම ඒකෙන් මිදෙමින් ඇයව සිපගන්නට සෙව්වා. දෙදෙනාම පරදින්නට කැමති වුනේ නෑ. හරියට තරඟයක් වගේ. මම ඇයට පරාජය වුනේ ඇගේ මුවේ ග්‍රහණයට මාව ගත්තට පසුවයි. ඒ රිද්මය විස්තර කරන්න මට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. එයා සුරංගනාවියක්.

දහදියෙන් තෙත් වුනු අපේ සිරුරුවල ග්‍රහණය කෙමෙන් ලිහිල් වෙන කොට හෝරා කිහිපයක් ගත වෙලා ඉවරයි. අපි එකිනෙකා දිහා ආදරෙන් බලා ගෙන ඒ තුරු සෙවණේ හාන්සි වෙලා සුළඟේ සිසිල විඳිමින් තව සෑහෙන වෙලාවක් ගත කලා.

අපේ ජීවිතේ සුන්දරම දේවල් විඳින වෙලාවට සොබා දම් මාතාවගේ සෙවණේ හැමදාම ඉන්න පුළුවන් නම් කියලා මට මුලින්ම හිතුනේ එදා තමයි. ඒ අත්දැකීමේ සුන්දරත්වය විඳින්න අපට හැමදාමත් නොහැකි වුනත් එක පාරක් හෝ ඒක රස වින්දොත් ඒක කොච්චර සුන්දර දෙයක්ද කියලා ඔබට දැනෙයි.

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය, ලිංගිකත්වය, ෆැන්ටසි | Tagged: , , , , , | 2 Comments »

කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් …

Posted by lostinromance මත අගෝස්තු 17, 2009

love_1292

ආදරයට බාධාව කියන‍ දේ කොච්චර නම් වැදගත් ද කියලා තේරෙන්න බාධා මැදින් ගිහිල්ලා ආදරය ජයගැනීම අවශ්‍යයි. ආදරයට විතරක් නොවෙයි, මේක ජීවිතයේ අනෙකුත් දේවල් වලටත් අදාලයි තමයි. ඕනෑම ජයග්‍රහණයක වටිනාකම වැඩිවෙන්නේ බාධක මැදින් ගිහින් ජයග්‍රහණය කලාමයි.

ඒත්, ආදරය සම්බන්ධයෙන් ගත්තහම ඒකෙ වැඩි විශේෂත්වයක් තියෙනවා. මොකද, ආදරේට බාධා නැතිව ගියොත් එහෙම ඒකෙ තියෙන රස සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. කථා කරන්න, මුණ ගැහෙන්න තියෙන බාධාවන්, විවාහ වෙන්න තියෙන බාධාවන්, ලිංගිකත්වය අත්විඳින්න තියෙන බාධාවන්, මේවා ඔක්කොම ඒ ඒ අවස්ථාවලදී මහා කරදරයක් ලෙස පෙනුනට බාධාවන් මැද්දේ රහසේ හමුවුනාම තියෙන රස කොහොම ද?

මමත් ‍විශාල බාධක තිබුණු ප්‍රේමයක් කාලෙකදි අත්වින්දා. මට මතකයි මම දවසක් බොහොම අමාරුවෙන් ඇයව කොළඹ මහජන පුස්තකාලයෙදී හමු වුනේ වෙන තැනක හමු වෙන්න බැරි තරම් බාධා තිබුණු හින්දයි. අපි කථා කලේ කැන්ටිමේ ඉඳන්. මොන බාධාවක්වත් හමු වුනාට පස්සේ මතක් වෙන්නේ නෑනෙ. පැය ගාණක් කතා කලා. ආපසු එද්දි අපි ආවේ ශ්‍රවණාගාරය පැ‍ත්තෙන් නොවෙයි අනෙක් දොරටුවෙන්. (ගිහින් තියෙන අය දන්නවා ඇති) එතනින් එද්දි පුස්තකාල ගොඩනැගිල්ලේ යට පෝටිකෝවක් වගේ විවෘත ඒත් ටිකක් අඳුරු කොටසක් තියෙනවා. ඒක පහුවුනාම පුස්තකාලය ඉදිරියට වැටෙනවා. එතනින් එහාට අපි දෙන්නට එකට යන්න පුළුවන්කමක් තිබුනේ නෑ.

එතෙන මට මතක හැටියට කුඩා බස් එකක් නවත්තලා තිබුනා. මම මගේ හිතට ආපු ක්ෂණික සිතුවිල්ලකට අනුව ඇයවත් ඇදගෙන බස් එක පිටුපසට ගියා. ඇය පුදුමෙන් වගේ මා දිහා බලමින් මගේ පස්සෙන් ආවා. මම බස් එකේ පිටුපසට හේත්තු වෙලා ඇයව ළඟට ඇදලා අරන් ඇයගේ ලස්සන දෙතොල් වලට මගේ දෙතොල ලං කලා. ඒක නිද‍හසේ ඇස් පියාගෙන සිපගැනීමක් කරන්න පුළුවන් තැනක් නොවුනට අපේ ඇස් ඉබේම පියවුනා.

කොච්චර වෙලාවක්ද කියලා මට හරියටම මතක නෑ. ඒත් ඒක මගේ ජීවිතේ මම කරපු ඇඟ කිළිපොලා ගියපු සරාගිකම සිප ගැනීම කියලයි මට නම් හිතෙන්නේ. ඒ තරම් එක්සයිටින්. ඇයටත් එහෙමයි කියලා ඇය පස්සෙ ‍වෙලාවක මාත් එක්ක කිව්වා. ඒකෙ විශේෂත්වය තියෙන්නෙ අපේ ආදරේට බාධා එල්ල වෙන්න කලින් අපි ඕන තරම් නිද‍හසේ සිප ගැනීම් කරලා තිබුන හින්දයි. නිදහසේ කිසිම බාධාවක් නැති අවස්ථාවලදී කරපු සිප ගැනීම් එකක්වත් ඒක ලඟින්වත් තියන්න බෑ.

නිකමට හිතන්න, හින්දි චිත්‍රපටියක දුෂ්ඨයා නැතිව ගියොත් කොහොම තියෙයි ද? ෂාරුක් ඛානුයි, රාණි මුකර්ජියි හමුවෙලා, කථා කරලා, කිසිම බාධාවක් නැතිව විවාහ වෙනවා. චිත්‍රපටිය දවස් කිහිපයකින් ගැලවිලා යන එක වලක්වන්න සක්කරයට‍වත් පුළුවන් වෙන්නෙ නෑ. රෝමෑන්තික සිනමාවෙ තියරිය නැත්නම් යතුර මේක තමයි. බාධාව.

ඇත්තටම මිනිස්සු අනියම් සම්බන්ධතා සඳහා පෙළඹෙන්නත් මෙන්න මේ කාරණය (හැබැයි මම හිතන විදියට ප්‍රධානම කාරණාව නොවෙයි. ඒ මාතෘකාව ගැන පස්සේ ලියන්න බලන්නම්) බොහෝ සේ බලපානවා. තහනම් ගහේ ගෙඩිවල රස ගැන වර්ණනා වෙන්නෙත් ඒ නිසයි. ඒකට තියෙන බාධාවන් වැඩි හින්දා ඒකෙ රසයත් වැඩියි. හැබැයි ඉතින් ‍මම එහෙම කිව්වා කියලා තහනම් ගෙඩි කන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙන්න එපා.

සාර්ථක ලිංගික ජීවිතයකටත් බාධාව නැමැති සාධකය අතිශය තීරණාත්මකයි. ඒකත් වෙනම මාතෘකාවක් හින්දා වෙනම පෝස්ට් එකකින් ඒ ගැන කථා කරමු.

ඉතින් ඔබේ ආදරයටත් බාධා එල්ල වෙනවා නම් දුක්වෙන්න අවශ්‍ය නෑ. ඔබ ඇත්තටම හදවතින්ම ආදරේ කරනවා නම් ඒ බාධා ඔක්කොම ඔබට දැනටමත් රසවත් ඇති. නැත්නම් අනාගතයේ රසවත් වෙයි.

ඒ වගේමයි ඔබේ ආදරයට බාධාවක් නැත්නම් ආදරේ කරන‍ කොට විඳින්න අත්‍යාවශ්‍ය දෙයක් ඔබට මඟ ඇරෙන්න පුළුවන් බව අමතක කරන්න එපා. නැත්නම් සමහර විට ඔබේ ආදරේ අනතුරේ වැටෙන්නත් පුළුවන්. වහාම බාධාවක් නිර්මාණය කර ගන්න. මේක බාහිර සාධකයක්ම වෙන්න අවශ්‍ය නෑ. නිර්මාණශීලී වීම තමයි අවශ්‍ය වෙන්නේ.

Posted in ආදර කථා, ආදරය | Tagged: , , | 4 Comments »

ඔයා ආයෙමත් එනව ද?

Posted by lostinromance මත ජූනි 19, 2009

teenage love

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා

අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …

රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …

පැතූ පෙම් පැතුම් මල් ඉගිලිලා
හැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

ආදරේ චමත්කාරය වචනවලට පෙරලන එක එච්චර ලේසි ‍වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම නව යොවුන් ප්‍රේම‍යේ තියෙන ආශ්චර්යය පුදුමාකාරයි. ඒක වෙනස්ම විදියේ අත්දැකීමක්. ඒ අවධියෙදි ජීවිතය හරිම සැහැල්ලුයි (හැමෝටම නොවෙයි). ඉතින් ඒ සැහැල්ලුවත් එක්ක ආදරේ කියන දේ මුළු ජීවිතයම බවට පත් වෙනවා. මම කියන්නේ ඊට පස්සෙ ඇතිවන පරිණත ආදරයක දී ඒක එහෙම නොවෙන්න පුළුවන් කියලා නෙවෙයි. නමුත් ඒක වෙනස්.

මේ ගීතය ඇසෙන කොට ඒ කාලයෙ දී ඒ අත්දැකීම මාත් එක්ක බෙදා ගත්තු ඒ සුන්දර යුවතියව මතක් වෙනවා. ඇයව සිපගත්තු මුල්ම මොහොත. හාපුරා කියලා මම කෙල්ලෙක් සමඟ තනිවුනේ ඇයත් එක්ක. ඒ දවස්වල දවස පුරා ඇය ගැන සිහින මවපු හැටි. ඒ ඔක්කොම දේවල් ආයෙත් ආවර්ජනය වෙනවා.

කාලයත් එක්ක අත්දැකීමක ස්භාවය කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද? ඒ කියන්නේ ඒ දවස්වල එච්චර සුන්දරයි කියලා අපි නොහිතපු ගොඩක් දේවල් කාලය ගත වෙලා ගියාට පස්සෙ සුන්දර හීනයක් බවට පත්වෙනවා.

ආ‍යෙත් ඒ සොඳුරු අත්දැකීමට පාවෙලා යන්න තියෙනවා නම් කොච්චර අපූරුද? මේ ගීතයේ එය විචිත්‍රවත් ලෙස නිරූපනය කරනවා. ගීතය අඩංගු චිත්‍රපටයේ ගීතයට අදාල රූප රාමු පෙල මට මතක නැති උනත් ගීතය අහද්දි ච්ත්‍රපටියකට වඩා සොඳුරු දර්ශන පෙලක් මනසේ ඇ‍‍‍ඳෙනවා.

ආසයි මං පියාඔන්න චිත්‍රපටිය වෙනුවෙන් නිලාර් එම්. කාසිම් අතින් ලියවුන මේ ගීතයට හඬ මුසු කරන්නේ භාතිය හා උමාරියා.

Posted in ආදර කථා, ආදරය, ගීත හා කවි, හීන, ෆැන්ටසි | 7 Comments »