Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Archive for the ‘ෆැන්ටසි’ Category

Lost in (Romance + Nature)

Posted by lostinromance මත සැප්තැම්බර් 21, 2009

සුමුදු සුළඟක් වැව් ජල තලය සිප ගෙන විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ සරාගී විදියට කළඹමින්. ඇගේ නිරාවරණයවූ සුන්දරත්වය මතට පතිතවූ වියළි පත් ටිකක් සුමුදු හඬක් නංවාගෙන ඇවිත් මගේ සිරුර මතට වැටුනා. වැව් දියට හරියටම ඉහළින් තිබුන හිරුගෙන් මද්දහනේ නික්මුණු හිරු කිරණ අප වටා තිබුණ විශාල වෘක්ෂයන් අතරින් යන්තම් පෙරී ගෙන ඇවිත් ආදරයෙන් එකිනෙකාට වෙළුන අපි දිහා හොරෙන් බලනවා දැනුනා. ඒත් වැව් ජලය සිපගෙන ආ සිසිල් සුළඟත්, තුරුලතා වල සිසිලසත් පරදන්න ගිනි‍ ගෙන දිලෙන ඉරට පුළුවන් වුනේ නෑ.

ඇ‍ය හිටියේ මගේ සිරුර මත වාඩි වෙලා. ඇගේ මෘදු පහසේ අන්තිම ඉම සොයා ගන්නට මට ඉඩ දෙන්න වගේ, ඇය, ඇගේ සුමුදු වත සරාගිකව චලනය කලා. ඒ සුමුදු තෙතමනයේ පහස මගේ ආත්මය සිසාරා දැනෙමින් තිබුනා.

අපි හිටියේ වැව් ඉවුරේ තුරු ලතා අතරේ තණ බිස්සක් මත එලපු මෙට්‍රස් එකක් මත. ඒක ගොඩක් ලොකු එකක් නොවුනට තණ බිස්සේ රළු බව අපේ සිරුරු වලට දැනෙන්නට නොදී රැඳී ඉන්න ප්‍රමාණවත් එකක්. අවට තිබුණ තුරු ලතා අපිව සඟවා ගන්න ප්‍රමාණවත් කියලා දැනුනත් මුලින් හිතේ පුංචි චකිතයක් තිබුනේ නැත්තෙත් නෑ. ඇය නම් මගේ අදහස මුලින් එක හෙළා ප්‍රතික්ෂේප කලත් මේ ස්ථානය ගැන මගේ තිබුණ දැනුමට අනුව අපිව කාගෙවත් ඇස ‍ගැටෙන්නට ඉඩක් නැති බව පෙන්නල දීලා මම කොහොම හරි ඇයව කැමති කර ගත්තා. හැබැයි අන්තිමට නම් එයා හිටියේ ඇගේ සුමුදු ග්‍රහණයට මාව මුළුනින්ම නතු කරගෙන. මම දැන් යමු කිව්වත් අනේ තව ටිකක් ඉමු කියලා ඇය කිව්වා.

අපි හිටියේ එක්තරා වැවක් අද්දර තිබූ වැඩිපුර ‍ප්‍රකට නොවූ සංචාරක නිවාසයක. අපේ මිතුරන් පිරිසගේ පිරිසගේ බලවත් විරෝධය මැද වුනත් ඔවුන්ගේ දවසේ සැලැස්මට එකතු නොවී ඉන්න අපිට පුළුවන් වුනා. ඔවුන් සවස් වන තෙක් නැවත නොඑන බවට කිසිම අවිශ්වාසයක් නෑ. ඉතින් අපේ නිදහසේ සීමාවන් ස්පර්ෂ කරන්නට පුළුවන් කවුරුවත් ඒ සොඳුරු පරිසරයේ හිටියේ නෑ. තුරු ලතාත්, රැලි නංවමින් සෙමින් චලනය වූ වැව් දියත්, නිල් අහසත් හැරෙන්නට.

මම කවදාවත් ඒ වගේ පරිසරයකදී නොදුටු සළු පිලි ඉවත ලූ ඇගේ සුන්දරත්වය දිහා වශීකෘතව බලා ගෙන හිටියා. ඇත්තට සොබා දහමේ රිද්මයත් එක්ක ඒක දැනෙන හැටි කොයි තරම් වෙනස් ද? ඇගේ කවදාවත් නොදුටුව අමුතු සුන්දරත්වයක් එදා මම දැක්කා. සුළං රැලි අපිව උන්මාදයට පත් කරද්දී මම ඇගේ රසවත්ම තැන් හොයා ගෙන මගේ තොල් පෙති ඇගේ සිනිඳු සම මත සෙමින් ගෙන ගියා. ඇගේ සැඟවුනු කුසුම් පෙති මත මගේ දෙතොල තෙරපෙන කොට ඒක දරාගන්නට නොහැකිව වගේ ඇගේ ලය වේගයෙන් උස් පහත් වුනා. ඒ ලස්සන තිසරුන්ගේ සුමුදු තුඩු නිල් ජල තලයට සමාන්තරව මගේ දෙනෙත් අබියස මැව්වේ සිහින ලෝකයක ඉන්නවා වගේ හැඟීමක්. ඇගේ අතැඟිලි මගේ කෙස්රොද අතර තෙරපෙමින් තවදුරටත් මගේ මුව ඇගේ රස සොයන්නට ඇය වෙතට ලං කර ගත්තා.

ඊළඟ මොහොතේ මම සිටියේ ඒ තිසර තුඩු වල රිද්මයට නතු වෙලා. ඒ වෙන කොට ‍හැමදාම වෙන විදියට මමත් ඇයත් හිටියේ මුළුනින්ම මේ ලෝකෙන් ඈත් වෙලා ආශාවේ මුහුදේ කිමිදෙමින්. ඇගේ තොල් පෙති මාව හොයා ගෙන එද්දී මම ඒකෙන් මිදෙමින් ඇයව සිපගන්නට සෙව්වා. දෙදෙනාම පරදින්නට කැමති වුනේ නෑ. හරියට තරඟයක් වගේ. මම ඇයට පරාජය වුනේ ඇගේ මුවේ ග්‍රහණයට මාව ගත්තට පසුවයි. ඒ රිද්මය විස්තර කරන්න මට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. එයා සුරංගනාවියක්.

දහදියෙන් තෙත් වුනු අපේ සිරුරුවල ග්‍රහණය කෙමෙන් ලිහිල් වෙන කොට හෝරා කිහිපයක් ගත වෙලා ඉවරයි. අපි එකිනෙකා දිහා ආදරෙන් බලා ගෙන ඒ තුරු සෙවණේ හාන්සි වෙලා සුළඟේ සිසිල විඳිමින් තව සෑහෙන වෙලාවක් ගත කලා.

අපේ ජීවිතේ සුන්දරම දේවල් විඳින වෙලාවට සොබා දම් මාතාවගේ සෙවණේ හැමදාම ඉන්න පුළුවන් නම් කියලා මට මුලින්ම හිතුනේ එදා තමයි. ඒ අත්දැකීමේ සුන්දරත්වය විඳින්න අපට හැමදාමත් නොහැකි වුනත් එක පාරක් හෝ ඒක රස වින්දොත් ඒක කොච්චර සුන්දර දෙයක්ද කියලා ඔබට දැනෙයි.

Advertisements

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය, ලිංගිකත්වය, ෆැන්ටසි | Tagged: , , , , , | 2 Comments »

ඔයා ආයෙමත් එනව ද?

Posted by lostinromance මත ජූනි 19, 2009

teenage love

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා

අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …

රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …

පැතූ පෙම් පැතුම් මල් ඉගිලිලා
හැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

ආදරේ චමත්කාරය වචනවලට පෙරලන එක එච්චර ලේසි ‍වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම නව යොවුන් ප්‍රේම‍යේ තියෙන ආශ්චර්යය පුදුමාකාරයි. ඒක වෙනස්ම විදියේ අත්දැකීමක්. ඒ අවධියෙදි ජීවිතය හරිම සැහැල්ලුයි (හැමෝටම නොවෙයි). ඉතින් ඒ සැහැල්ලුවත් එක්ක ආදරේ කියන දේ මුළු ජීවිතයම බවට පත් වෙනවා. මම කියන්නේ ඊට පස්සෙ ඇතිවන පරිණත ආදරයක දී ඒක එහෙම නොවෙන්න පුළුවන් කියලා නෙවෙයි. නමුත් ඒක වෙනස්.

මේ ගීතය ඇසෙන කොට ඒ කාලයෙ දී ඒ අත්දැකීම මාත් එක්ක බෙදා ගත්තු ඒ සුන්දර යුවතියව මතක් වෙනවා. ඇයව සිපගත්තු මුල්ම මොහොත. හාපුරා කියලා මම කෙල්ලෙක් සමඟ තනිවුනේ ඇයත් එක්ක. ඒ දවස්වල දවස පුරා ඇය ගැන සිහින මවපු හැටි. ඒ ඔක්කොම දේවල් ආයෙත් ආවර්ජනය වෙනවා.

කාලයත් එක්ක අත්දැකීමක ස්භාවය කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද? ඒ කියන්නේ ඒ දවස්වල එච්චර සුන්දරයි කියලා අපි නොහිතපු ගොඩක් දේවල් කාලය ගත වෙලා ගියාට පස්සෙ සුන්දර හීනයක් බවට පත්වෙනවා.

ආ‍යෙත් ඒ සොඳුරු අත්දැකීමට පාවෙලා යන්න තියෙනවා නම් කොච්චර අපූරුද? මේ ගීතයේ එය විචිත්‍රවත් ලෙස නිරූපනය කරනවා. ගීතය අඩංගු චිත්‍රපටයේ ගීතයට අදාල රූප රාමු පෙල මට මතක නැති උනත් ගීතය අහද්දි ච්ත්‍රපටියකට වඩා සොඳුරු දර්ශන පෙලක් මනසේ ඇ‍‍‍ඳෙනවා.

ආසයි මං පියාඔන්න චිත්‍රපටිය වෙනුවෙන් නිලාර් එම්. කාසිම් අතින් ලියවුන මේ ගීතයට හඬ මුසු කරන්නේ භාතිය හා උමාරියා.

Posted in ආදර කථා, ආදරය, ගීත හා කවි, හීන, ෆැන්ටසි | 7 Comments »

නිෂ් – 2

Posted by lostinromance මත මැයි 8, 2009

3352819432_f9e8bcaa4d_o

ඒක ‍අප්‍රේල් මාසෙ අග උණුසුම් රාත්‍රියක්. කාමරයේ කවුඏ ඔක්කොම විවෘත කරලා තිබුනේ රස්නය වැඩි නිසා. ඒක හින්දා එලියේ තුරු පත් සෙමින් සොලවමින් ගලා ගෙන ආපු මඳ සුළඟ පුදුම සිසිලසක් අරගෙන ආවා. මගේ ජංගම දුරකථනය මේසය මත කම්පනය වන හඬ ඇහෙනකොට වෙලාව රෑ එකට විතර ඇති. මම ඒ වෙනකොටත් ඇහැරිලා හිටියෙ. තිරය මත දිස්වුනේ නොදන්නා අංකයක්. මේ වෙලාවෙ ඇමතුම් වලට පිළිතුරු දෙන සිරිතක් මගේ නැති වුනත් මම පිළිතුරු‍ දෙන ‍බොත්තම ක්ලික් කලා.”හෙලෝ”. අනිත් පැත්තෙන් ඇහුනෙ ගැහැණු කටහඬක්. “හෙලෝ, can I speak to Madhu please?”. මගේ පිරිමි කට හඬ ඇහුණ හින්දද කොහෙද ඇය කථා කලේ ටිකක් තැතිගැන්මෙන් වගේ.

මම නිහඬව හිටියේ ඒ කටහඬ මා තුල ඇති කරපු හුරු පුරුදු හැඟීමෙන් ක්ෂණිකවම වගේ මගේ සිත ගල් ගැසී ගිය හින්දා. මගේ දෙනෙත සුව පහසු යහන මත වැතිර සිටි ජීවන සහකාරිය වෙත යොමු වුනේ ඉබේටම වගේ. ඇයට හොඳටම නින්ද ගිහින්.

“හෙලෝ”, මම නිහඬව ඉඳිද්දි මගේ දුරකථනයෙන් නැවතත් ඇගේ හඬ මතු වුනා. ඒ පාර නම් මගේ අනුමානය සම්පූර්ණයෙන්ම තහවුරු වුනා. මට ඇගේ කටහඬ අඳුනගන්න වචන දෙකක් කියන්න ඕනේ නැති වුනත් මේක බලාපොරොත්තු නොවුන මොහොතක්. නිෂ්, එතකොට මේ ඇත්තටම ඔයා ද? මගේ සිත අවුරුදු හතකට එපිට මතකයන් වෙත දිව ගියා. විදුලි සැර වගේ ඒ අතීතයේ රූප රාමු මගේ මතකය තුල පෙල ගැහෙන්න ගත්තා.

මම නැවත පියවි තත්වයට ආවේ දුරකථනය තුලින් නැවතත් මතුවෙච්ච ඇගේ හඬින්. “හෙලෝ…..ලෝ….ලෝ” ඇය නොඉවසිල්ලෙන් වගේ කථා කලේ මගේ මගේ නිහඬතාවය ඇය තුල ඇති කල නොසන්කම හිනදා වෙන්න ඇති.

“සොරි, ‍wrong number” මට එහෙම කියවුනා ද, හිතල කිවිවද කියලා මට හරියටම කියන්න බෑ.

නැවතත් තත්පර කිහිපයක් නිහඬතාවයක්. ඇය යමක් කල්පනා කරන බව මට හැඟුණා. “may I please know who is speaking there” ඇගේ කටහ‍ඬේ තැති ගැන්ම මට දැනුනා. මගේ දෙනෙත් නැවතත් යහනේ නිදන ‍බිරිඳ වෙත යොමු වුනා. ඇය තවමත් තද නින්දේ. ඊට පසසේ නිහඬවම, දුරකථනය සවනේ රඳවගෙන, නිදන කාමරයේ දොර සෙමින් විවෘත කරගෙන, බැල්කනියට පියමැන්නා.

දුරකථන මාර්ගය හරහා නිහඬතාවය ගලද්දි ඇය නැවත සෙමින් කටහඬ අවදි කලා. “ගයන්ත, මේ ඔයාද?” මම සෙමින් මුව විවර කලා … “නිෂ්”

“ගයි”…… ඒක ඇය මට ආදරේට කිව්ව නම. “මේක හීනයක් ද?”

“ම්…ම්… මම හිතන‍්නෙ නෑ” අවුරුදු ගාණකට පෙර ඇය මගෙන් ‍ඔය ‍වගේ ප්‍රශ්නයක් ඇහුවම පිළිතුරු දෙන ස්වරයෙන් මම පිළිතුරු දුන්නා. කොහෙන් රිද්මය ආවද දන්නේ නෑ. ඒ මොහොතේ මගේ සිත තිබුනේ අවුරුදු ගාණකට පෙර අතීතයේ.

මම ඒ වචන කිව්ව ස්වරයට ඇයට සිනහ ගියා. ඒ ආදරණීය සිනහව නැවතත් අවුරුදු හතකට පස‍්සේ මට ඇහුණා. ඒත් ඊළඟ මොහොතේ මට ඇහුණේ ඇය ඉකිබිඳන හඬ. මම ඇයට නිදහසේ ඉකි බිඳන්න ඉඩ දුන්නා.

මතු සම්බන්ධයි……

නිෂ් – 1

Posted in ආදර කථා, ආදරය, හීන, ෆැන්ටසි | 1 Comment »

කෙල්ලේ … You seduced me.

Posted by lostinromance මත අප්‍රේල් 3, 2009

3352819432_f9e8bcaa4d_o

ඇත්තටම අපි ගැහැණියක් දැක්කම ඇයට ලිංගිකව ආකර්ෂණයක් ඇතිවන්නේ ඇගේ කුමන ශාරීරික ලක්ෂණ වලටද? මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මම මේ සම්බන්ධව මගේ ගැනම අධ්‍යයනයක් කලා. ඒ කියන්නේ මේක ඔළුවේ තියාගෙන පාරෙ තොටේදී හම්බවෙන කෙල්ලන් දිහා බැලුවා. පස්සෙ එකින් එක අරන් අධ්‍යයනය කලා. ඉතින් පස්සෙ මම දල නිගමනයකට ආවා, මාත් එක්ක චිත්ත සංසර්ගයකට සුදුසුකම් ලබන්නට නම් කෙල්ලෙක් විසින් පහත දැක්වෙන විදියට මගේ ඇස පිනවිය යුතු බව.

මුලින්ම අනිත් කාරණා අධ්‍යයනය කරන්නට පෙර මුලින්ම මගේ අවධානය යොමුවන්නේ ඇය ගැහැණියක් වශයෙන් කොතරම් පරිපූර්ණ ද කියන එක. ඒ කියන්නේ ‍කෝකටත් පෙර නියම නාරි හැඩයෙන් යුතු ශරීරයක් තියෙන්න ඕනේ. නැත්නම් ටක් ගාලා ඇහැ ඇදිලා යන්නේ නෑනේ. (හැබැයි ඉතින් මේකෙන් බැහැරට යන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. මොකද අනිත් ලක්ෂණ නැතත් ලස්සන නිතඹක්, ලස්සන පාද යුගලක් දුටු ගමන්ම මුල්ම අවධානය එයට යොමු වෙලා පස්සෙනෙ ඉතුරු හරිය බලන්නේ. ඒක මේ කියන දේට අදාල ‍නෑ)

මගේ දෙනෙත් බොහෝ වෙලාවට මුලින්ම යොමුවෙන්නේ පියවුරු වලට. ලස්සන පියවුරු යුගලක් මගේ විතරක් නොවෙයි ඕනෑම පිරිමියකුගෙ ආකර්ෂණය දිනා ගැනීමේදී නොම්මර එකට නම් කරන්න පුළුවන් කියල තමයි මම නම් හිතන්නෙ. උස්, පිරුනු සහ හැඩැති පියවුරු යුගලක් ….. ෂා… මට ඒ ගැන විස්තර කරන්න වචන නෑ. ඕන නම් සංදේශ කාව්‍ය බලන්න. ලස්සන සමක් එහෙම නැත්නම් ඡවි කල්යාණයක් කියන්න්නෙත් මගේ සිත හුඟක් පැහැරගන්නා දෙයක්.ඒක නිසා ඒකත් මුල් තැනක තියන්න පුළුවන්. සුමුදු, ලස්සන වර්ණයකින් යුත් (හරියටම මේ පාට කියල කියන්න බෑ. හැබැයි ගොඩක් ලාංකිකයන් වගේ තලෙළු පැහැයට මම වැඩිපුර කැමතියි) නිරෝගී සමකින් යුක්ත තරුණියකට, ඇය එච්චර ලස්සන නැතත්, මගේ සිත ඇදිල යනව. සුමුදු සමක දෙතොල් තියලා පහස විඳගන්න අකමැති කවුද? දෙතොල් කිව්වම මතක් වුනේ.. පිරුණු දෙතොලක් කියන්නේ ඔබේ සිහිනයේ ඉන්න ළඳගේ කොච්චර වැදගත් අංගයක් ද? මටත් එහෙමම තමයි. හැබැයි ඉතින් දෙතොල් කෙරෙහි බොහෝ විට අවධානය යොමු වන්නේ ද්විතීයිකව. ඒ කියන්නෙ ටිකක් ඈතින් ඉඳන් දැක්කොත් දෙතොල් කෙරෙහි එකපාර අවධානය යොමු වෙන්නෙ නෑනේ. ඔන්න ගොඩක් ලංවෙලා කථා කලොත් නම් මුලින්ම බැලෙන්නෙ ඒ දිහා තමයි. මම ගොඩක් සිහින් ලිප්ස් වලට කැමති නෑ. ඒක තමා මම පිරුණු දෙතොලක් කිව්වේ. විශේෂයෙන් ලෝවර් ලිප් ‍එක. උඩු තොල එච්චරම වැදගත් නෑනෙ.

පුළුල් නිතඹක් තියෙන තරුණියක් පාරෙ යනකොට කොල්ලො කී‍ දෙනෙක් හොරෙන් හරි කෙලින් හරි බලනවද. මමත් එසේම තමයි. හැබැයි ඉතින් ඕනවට වඩා ලොකු පස්සකටත් මම කැමති නෑ. හොඳ හැඩයක් තියෙන්න ඕනෙ. හැබැයි නිතඹට වටිනාකමක් ලැබෙන්නේ ඇයගේ වෝක් එක අනුව තමයි. ඒ වගෙමයි ලස්සන ශරීරාංග තිබුනට වැඩක් නෑ, ඒවා අලංකාරව පේන විදියට අඳින්න ඕනෙ. කෙල්ලෙකුට හොඳ ෆැෂන් සෙන්ස් එකක් තිබිය යුතුමයි.

ම්ම්ම්… බලන්නකෝ අර ලස්සන කකුල් දෙක. මේක හරි නම් ලිස්ට් ‍එකේ උඩින්ම තියන්න තිබුනේ. මට අමතක වුනා. මගේ සිත් ගන්නා ළඳකට ලස්සන පාද දෙකක් තිබීම අනිවාර්යයි.

මෙහෙම ලිස්ට් එක ලියාගෙන ගියොත් මේක ඉවරයක් වෙන්නෙ නෑ. නාරි ලාලිත්‍ය කියන දේ සීමාවක් නෑනේ. වැදගත් ටික ලියපු නිසා සහ පෝස්ට් එක දිග වැඩිවෙන හින්දා මෙතනින් ඉවර කරනවා. කෙල්ල‍නේ, ඔන්න ඔය දේවල් ඔයාලා ලඟ තියෙනවා නම් මම ඔයාලත් එක්ක සිතින් රමණයේ යෙදීම වළක්වන්න නම් ඔයාලට බැරිවෙයි.

Posted in ලලනාවෝ, ලිංගිකත්වය, හීන, ෆැන්ටසි | Tagged: , , , , , , , , , | 6 Comments »