Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Archive for the ‘ආදරය හා පරිසරය’ Category

වැස්ස – The Rain

Posted by lostinromance මත නොවැම්බර් 18, 2009


ආයෙත් වැසි සමයක්. කොළඹ මල් පාරේ මල් ගස් හේදී ගෙන මෝසම් වැසි ඇද හැලෙද්දී වැස්සේ ඒ වැස්සට තෙමිලා දූවිලි ඉවත්වෙලා කාපට් පාර ඔපවත් වෙලා. පාර්ක් එකේ තුරු ලතා නැවුම් පෙනුමකින් අළුත් පණකින් අවදි වෙලා. රස්නය මැකිලා සුන්දර සිසිලසක් නගරය වෙලා ගෙන.

වැස්ස හින්දා වෙනස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විතර ද? ආදරණීය මතකයන්, කඳුළු, සිනහා, දුක් සුසුම්. වැස්ස කියන්නේ මේ සියල්ලේම සංකලනයක්. වැස්සත් එක්ක අපේ හදවත්වල හැංගිලා තියෙන කොපමණ දේවල් මතුපිටට එනව ද?

වැස්සෙ තියෙන්නේ අමුතුම රිද්මයක්. මට හිතෙන හැටියට ඒක අපේ හදවතේ රිදම් එකට හරියටම මැච් වෙනවා. එක සීරුවට එක දිගට වහින වෙලාවක ඒකෙ හඬත් එක්ක ඒකාත්මික වෙලා ටිකක් වෙලා අහලා බලන්න. ඔබේ හදවතේ ඇති ගැඹුරුම මතකයන් අවදි වෙනවා ඔබට දැනෙයි.

සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක් යන හැටි

මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි

[Amaradewa]

ඉතින් අද මේ ඇදහැලෙන වැස්සත් එක්ක මගේ හැංගිලා තිබුන ආදරණීය හීනයකට නැවතත් පණ ලැබුනා.  හීනය විස්තර කරන එක තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ හිත ආයෙත් පාරක් පෑරෙන එක විතරයි. ඒත් උඩට ආපු හීනය ආයෙත් නිදන්ගත ‍කරන්න වැස්ස ඉවරවෙනකම් ඉන්න වෙයි ද? එත් හෙටත් වැස්සොත්. දිගටම වැස්සොත්.

වැස්ස කවදාවත් ඉවර වෙන්නේ නෑ. මාස ගාණක් පෑව්වත් කොයි මොහොතක හෝ නැවතත් සුපුරුදු හඬින් වැස්ස ඇද හැලෙනවා. අපේ මතකයනුත් ඒ එක්කම නැවතත් පණ ලබනවා.

පෙම්වතුන්ට වැස්ස කියන්නේ ආශිර්වාදයෙක්. වැස්සට බනින පෙම් යුවළක් මට නම් කවදාවත් හමු වෙලා නෑ. ඒත් සමහර අයට නම් වැස්ස කියන්නේ දුක්බර මතකයන් අවදි කරන අවාසනාවන්ත හඬක් විතරයි. එත් ඒක කොච්චර අවාසනාවන්ත හඬක් වුනත් ඒ අය වැස්සට යටි හිතින් කැමතියි.

අනේ මේ වැස්ස දැන්වත් ඉවර වෙනවා නම්.

කමක් නෑ. එයත් මේ කුඩා නගරයේම කොහේ හෝ ඉඳගෙන මේ වැස්සෙ රිද්මයට මම වගේ ම කන් දෙනවා ඇති නේද?

I see dark clouds out my window
I know the storm is coming any minute
And the thunder just confirms my fears
And I know the tears are in it
I’ll be cryin unable to stop
Look here comes the very first drop
cause every time it rains
I fall to pieces
So many memories the rain releases
I feel you
I taste you
I cannot forget
Everytime it rains
I get wet
[Ace of Base]

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය | Tagged: , , , , , , , , , , , , , | 2 Comments »

Lost in (Romance + Nature)

Posted by lostinromance මත සැප්තැම්බර් 21, 2009

සුමුදු සුළඟක් වැව් ජල තලය සිප ගෙන විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ සරාගී විදියට කළඹමින්. ඇගේ නිරාවරණයවූ සුන්දරත්වය මතට පතිතවූ වියළි පත් ටිකක් සුමුදු හඬක් නංවාගෙන ඇවිත් මගේ සිරුර මතට වැටුනා. වැව් දියට හරියටම ඉහළින් තිබුන හිරුගෙන් මද්දහනේ නික්මුණු හිරු කිරණ අප වටා තිබුණ විශාල වෘක්ෂයන් අතරින් යන්තම් පෙරී ගෙන ඇවිත් ආදරයෙන් එකිනෙකාට වෙළුන අපි දිහා හොරෙන් බලනවා දැනුනා. ඒත් වැව් ජලය සිපගෙන ආ සිසිල් සුළඟත්, තුරුලතා වල සිසිලසත් පරදන්න ගිනි‍ ගෙන දිලෙන ඉරට පුළුවන් වුනේ නෑ.

ඇ‍ය හිටියේ මගේ සිරුර මත වාඩි වෙලා. ඇගේ මෘදු පහසේ අන්තිම ඉම සොයා ගන්නට මට ඉඩ දෙන්න වගේ, ඇය, ඇගේ සුමුදු වත සරාගිකව චලනය කලා. ඒ සුමුදු තෙතමනයේ පහස මගේ ආත්මය සිසාරා දැනෙමින් තිබුනා.

අපි හිටියේ වැව් ඉවුරේ තුරු ලතා අතරේ තණ බිස්සක් මත එලපු මෙට්‍රස් එකක් මත. ඒක ගොඩක් ලොකු එකක් නොවුනට තණ බිස්සේ රළු බව අපේ සිරුරු වලට දැනෙන්නට නොදී රැඳී ඉන්න ප්‍රමාණවත් එකක්. අවට තිබුණ තුරු ලතා අපිව සඟවා ගන්න ප්‍රමාණවත් කියලා දැනුනත් මුලින් හිතේ පුංචි චකිතයක් තිබුනේ නැත්තෙත් නෑ. ඇය නම් මගේ අදහස මුලින් එක හෙළා ප්‍රතික්ෂේප කලත් මේ ස්ථානය ගැන මගේ තිබුණ දැනුමට අනුව අපිව කාගෙවත් ඇස ‍ගැටෙන්නට ඉඩක් නැති බව පෙන්නල දීලා මම කොහොම හරි ඇයව කැමති කර ගත්තා. හැබැයි අන්තිමට නම් එයා හිටියේ ඇගේ සුමුදු ග්‍රහණයට මාව මුළුනින්ම නතු කරගෙන. මම දැන් යමු කිව්වත් අනේ තව ටිකක් ඉමු කියලා ඇය කිව්වා.

අපි හිටියේ එක්තරා වැවක් අද්දර තිබූ වැඩිපුර ‍ප්‍රකට නොවූ සංචාරක නිවාසයක. අපේ මිතුරන් පිරිසගේ පිරිසගේ බලවත් විරෝධය මැද වුනත් ඔවුන්ගේ දවසේ සැලැස්මට එකතු නොවී ඉන්න අපිට පුළුවන් වුනා. ඔවුන් සවස් වන තෙක් නැවත නොඑන බවට කිසිම අවිශ්වාසයක් නෑ. ඉතින් අපේ නිදහසේ සීමාවන් ස්පර්ෂ කරන්නට පුළුවන් කවුරුවත් ඒ සොඳුරු පරිසරයේ හිටියේ නෑ. තුරු ලතාත්, රැලි නංවමින් සෙමින් චලනය වූ වැව් දියත්, නිල් අහසත් හැරෙන්නට.

මම කවදාවත් ඒ වගේ පරිසරයකදී නොදුටු සළු පිලි ඉවත ලූ ඇගේ සුන්දරත්වය දිහා වශීකෘතව බලා ගෙන හිටියා. ඇත්තට සොබා දහමේ රිද්මයත් එක්ක ඒක දැනෙන හැටි කොයි තරම් වෙනස් ද? ඇගේ කවදාවත් නොදුටුව අමුතු සුන්දරත්වයක් එදා මම දැක්කා. සුළං රැලි අපිව උන්මාදයට පත් කරද්දී මම ඇගේ රසවත්ම තැන් හොයා ගෙන මගේ තොල් පෙති ඇගේ සිනිඳු සම මත සෙමින් ගෙන ගියා. ඇගේ සැඟවුනු කුසුම් පෙති මත මගේ දෙතොල තෙරපෙන කොට ඒක දරාගන්නට නොහැකිව වගේ ඇගේ ලය වේගයෙන් උස් පහත් වුනා. ඒ ලස්සන තිසරුන්ගේ සුමුදු තුඩු නිල් ජල තලයට සමාන්තරව මගේ දෙනෙත් අබියස මැව්වේ සිහින ලෝකයක ඉන්නවා වගේ හැඟීමක්. ඇගේ අතැඟිලි මගේ කෙස්රොද අතර තෙරපෙමින් තවදුරටත් මගේ මුව ඇගේ රස සොයන්නට ඇය වෙතට ලං කර ගත්තා.

ඊළඟ මොහොතේ මම සිටියේ ඒ තිසර තුඩු වල රිද්මයට නතු වෙලා. ඒ වෙන කොට ‍හැමදාම වෙන විදියට මමත් ඇයත් හිටියේ මුළුනින්ම මේ ලෝකෙන් ඈත් වෙලා ආශාවේ මුහුදේ කිමිදෙමින්. ඇගේ තොල් පෙති මාව හොයා ගෙන එද්දී මම ඒකෙන් මිදෙමින් ඇයව සිපගන්නට සෙව්වා. දෙදෙනාම පරදින්නට කැමති වුනේ නෑ. හරියට තරඟයක් වගේ. මම ඇයට පරාජය වුනේ ඇගේ මුවේ ග්‍රහණයට මාව ගත්තට පසුවයි. ඒ රිද්මය විස්තර කරන්න මට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. එයා සුරංගනාවියක්.

දහදියෙන් තෙත් වුනු අපේ සිරුරුවල ග්‍රහණය කෙමෙන් ලිහිල් වෙන කොට හෝරා කිහිපයක් ගත වෙලා ඉවරයි. අපි එකිනෙකා දිහා ආදරෙන් බලා ගෙන ඒ තුරු සෙවණේ හාන්සි වෙලා සුළඟේ සිසිල විඳිමින් තව සෑහෙන වෙලාවක් ගත කලා.

අපේ ජීවිතේ සුන්දරම දේවල් විඳින වෙලාවට සොබා දම් මාතාවගේ සෙවණේ හැමදාම ඉන්න පුළුවන් නම් කියලා මට මුලින්ම හිතුනේ එදා තමයි. ඒ අත්දැකීමේ සුන්දරත්වය විඳින්න අපට හැමදාමත් නොහැකි වුනත් එක පාරක් හෝ ඒක රස වින්දොත් ඒක කොච්චර සුන්දර දෙයක්ද කියලා ඔබට දැනෙයි.

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය, ලිංගිකත්වය, ෆැන්ටසි | Tagged: , , , , , | 2 Comments »