Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

ඔයා ආයෙමත් එනව ද?

Posted by lostinromance මත ජූනි 19, 2009

teenage love

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා

අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …

රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …

පැතූ පෙම් පැතුම් මල් ඉගිලිලා
හැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

ආදරේ චමත්කාරය වචනවලට පෙරලන එක එච්චර ලේසි ‍වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම නව යොවුන් ප්‍රේම‍යේ තියෙන ආශ්චර්යය පුදුමාකාරයි. ඒක වෙනස්ම විදියේ අත්දැකීමක්. ඒ අවධියෙදි ජීවිතය හරිම සැහැල්ලුයි (හැමෝටම නොවෙයි). ඉතින් ඒ සැහැල්ලුවත් එක්ක ආදරේ කියන දේ මුළු ජීවිතයම බවට පත් වෙනවා. මම කියන්නේ ඊට පස්සෙ ඇතිවන පරිණත ආදරයක දී ඒක එහෙම නොවෙන්න පුළුවන් කියලා නෙවෙයි. නමුත් ඒක වෙනස්.

මේ ගීතය ඇසෙන කොට ඒ කාලයෙ දී ඒ අත්දැකීම මාත් එක්ක බෙදා ගත්තු ඒ සුන්දර යුවතියව මතක් වෙනවා. ඇයව සිපගත්තු මුල්ම මොහොත. හාපුරා කියලා මම කෙල්ලෙක් සමඟ තනිවුනේ ඇයත් එක්ක. ඒ දවස්වල දවස පුරා ඇය ගැන සිහින මවපු හැටි. ඒ ඔක්කොම දේවල් ආයෙත් ආවර්ජනය වෙනවා.

කාලයත් එක්ක අත්දැකීමක ස්භාවය කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද? ඒ කියන්නේ ඒ දවස්වල එච්චර සුන්දරයි කියලා අපි නොහිතපු ගොඩක් දේවල් කාලය ගත වෙලා ගියාට පස්සෙ සුන්දර හීනයක් බවට පත්වෙනවා.

ආ‍යෙත් ඒ සොඳුරු අත්දැකීමට පාවෙලා යන්න තියෙනවා නම් කොච්චර අපූරුද? මේ ගීතයේ එය විචිත්‍රවත් ලෙස නිරූපනය කරනවා. ගීතය අඩංගු චිත්‍රපටයේ ගීතයට අදාල රූප රාමු පෙල මට මතක නැති උනත් ගීතය අහද්දි ච්ත්‍රපටියකට වඩා සොඳුරු දර්ශන පෙලක් මනසේ ඇ‍‍‍ඳෙනවා.

ආසයි මං පියාඔන්න චිත්‍රපටිය වෙනුවෙන් නිලාර් එම්. කාසිම් අතින් ලියවුන මේ ගීතයට හඬ මුසු කරන්නේ භාතිය හා උමාරියා.

Advertisements

7 Responses to “ඔයා ආයෙමත් එනව ද?”

  1. Harintha said

    මම අදයි මේ බ්ලොග් එක දැක්කෙ.නියමයි.දිගටම ලියපන්.

  2. shan said

    ශුංගාරාත්මක සාහිත්‍යයක් සයිබ අවකාශයේ ගොඩනැගීමට දරන මහන්සියට ගෞරව කරමි. අඛණ්ඩව ලිපි පල නොකිරීම ගැන කනගාටු වෙමි.

  3. ඇත්තමයි, ඔයා ආයෙමත් එනවනම්……

  4. ස්තූත්යි . . . උඹ මගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එක . . . මාව ගෙනත් නතර කලේ උඹේ බ්ලොග් එකේ . . . . ස්තූති කලේ කමෙන්ට් එකටම නෙමෙයි . . . මට මේ . . . සුන්දර බ්ලොග් එකට එන්න . . . මං සලකුනු කියපු එකට. . . .

  5. wije said

    කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් …

  6. සැකකරු said

    එම්බා බ්ලොග්කරුව! නුඹ මහා ගත්කරුවකු නොවූයේ (මා සිතන පරිදි) මන්දැ’යි මම විස්මයපත් වෙමි. නුඹේ මේ ආශ්චර්යවත් ලිවීමේ හැකියාව නුඹව පොත්කරුවකු කරාවා’යි පතනෙමි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: