Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් …

Posted by lostinromance on අගෝස්තු 17, 2009

love_1292

ආදරයට බාධාව කියන‍ දේ කොච්චර නම් වැදගත් ද කියලා තේරෙන්න බාධා මැදින් ගිහිල්ලා ආදරය ජයගැනීම අවශ්‍යයි. ආදරයට විතරක් නොවෙයි, මේක ජීවිතයේ අනෙකුත් දේවල් වලටත් අදාලයි තමයි. ඕනෑම ජයග්‍රහණයක වටිනාකම වැඩිවෙන්නේ බාධක මැදින් ගිහින් ජයග්‍රහණය කලාමයි.

ඒත්, ආදරය සම්බන්ධයෙන් ගත්තහම ඒකෙ වැඩි විශේෂත්වයක් තියෙනවා. මොකද, ආදරේට බාධා නැතිව ගියොත් එහෙම ඒකෙ තියෙන රස සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. කථා කරන්න, මුණ ගැහෙන්න තියෙන බාධාවන්, විවාහ වෙන්න තියෙන බාධාවන්, ලිංගිකත්වය අත්විඳින්න තියෙන බාධාවන්, මේවා ඔක්කොම ඒ ඒ අවස්ථාවලදී මහා කරදරයක් ලෙස පෙනුනට බාධාවන් මැද්දේ රහසේ හමුවුනාම තියෙන රස කොහොම ද?

මමත් ‍විශාල බාධක තිබුණු ප්‍රේමයක් කාලෙකදි අත්වින්දා. මට මතකයි මම දවසක් බොහොම අමාරුවෙන් ඇයව කොළඹ මහජන පුස්තකාලයෙදී හමු වුනේ වෙන තැනක හමු වෙන්න බැරි තරම් බාධා තිබුණු හින්දයි. අපි කථා කලේ කැන්ටිමේ ඉඳන්. මොන බාධාවක්වත් හමු වුනාට පස්සේ මතක් වෙන්නේ නෑනෙ. පැය ගාණක් කතා කලා. ආපසු එද්දි අපි ආවේ ශ්‍රවණාගාරය පැ‍ත්තෙන් නොවෙයි අනෙක් දොරටුවෙන්. (ගිහින් තියෙන අය දන්නවා ඇති) එතනින් එද්දි පුස්තකාල ගොඩනැගිල්ලේ යට පෝටිකෝවක් වගේ විවෘත ඒත් ටිකක් අඳුරු කොටසක් තියෙනවා. ඒක පහුවුනාම පුස්තකාලය ඉදිරියට වැටෙනවා. එතනින් එහාට අපි දෙන්නට එකට යන්න පුළුවන්කමක් තිබුනේ නෑ.

එතෙන මට මතක හැටියට කුඩා බස් එකක් නවත්තලා තිබුනා. මම මගේ හිතට ආපු ක්ෂණික සිතුවිල්ලකට අනුව ඇයවත් ඇදගෙන බස් එක පිටුපසට ගියා. ඇය පුදුමෙන් වගේ මා දිහා බලමින් මගේ පස්සෙන් ආවා. මම බස් එකේ පිටුපසට හේත්තු වෙලා ඇයව ළඟට ඇදලා අරන් ඇයගේ ලස්සන දෙතොල් වලට මගේ දෙතොල ලං කලා. ඒක නිද‍හසේ ඇස් පියාගෙන සිපගැනීමක් කරන්න පුළුවන් තැනක් නොවුනට අපේ ඇස් ඉබේම පියවුනා.

කොච්චර වෙලාවක්ද කියලා මට හරියටම මතක නෑ. ඒත් ඒක මගේ ජීවිතේ මම කරපු ඇඟ කිළිපොලා ගියපු සරාගිකම සිප ගැනීම කියලයි මට නම් හිතෙන්නේ. ඒ තරම් එක්සයිටින්. ඇයටත් එහෙමයි කියලා ඇය පස්සෙ ‍වෙලාවක මාත් එක්ක කිව්වා. ඒකෙ විශේෂත්වය තියෙන්නෙ අපේ ආදරේට බාධා එල්ල වෙන්න කලින් අපි ඕන තරම් නිද‍හසේ සිප ගැනීම් කරලා තිබුන හින්දයි. නිදහසේ කිසිම බාධාවක් නැති අවස්ථාවලදී කරපු සිප ගැනීම් එකක්වත් ඒක ලඟින්වත් තියන්න බෑ.

නිකමට හිතන්න, හින්දි චිත්‍රපටියක දුෂ්ඨයා නැතිව ගියොත් කොහොම තියෙයි ද? ෂාරුක් ඛානුයි, රාණි මුකර්ජියි හමුවෙලා, කථා කරලා, කිසිම බාධාවක් නැතිව විවාහ වෙනවා. චිත්‍රපටිය දවස් කිහිපයකින් ගැලවිලා යන එක වලක්වන්න සක්කරයට‍වත් පුළුවන් වෙන්නෙ නෑ. රෝමෑන්තික සිනමාවෙ තියරිය නැත්නම් යතුර මේක තමයි. බාධාව.

ඇත්තටම මිනිස්සු අනියම් සම්බන්ධතා සඳහා පෙළඹෙන්නත් මෙන්න මේ කාරණය (හැබැයි මම හිතන විදියට ප්‍රධානම කාරණාව නොවෙයි. ඒ මාතෘකාව ගැන පස්සේ ලියන්න බලන්නම්) බොහෝ සේ බලපානවා. තහනම් ගහේ ගෙඩිවල රස ගැන වර්ණනා වෙන්නෙත් ඒ නිසයි. ඒකට තියෙන බාධාවන් වැඩි හින්දා ඒකෙ රසයත් වැඩියි. හැබැයි ඉතින් ‍මම එහෙම කිව්වා කියලා තහනම් ගෙඩි කන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙන්න එපා.

සාර්ථක ලිංගික ජීවිතයකටත් බාධාව නැමැති සාධකය අතිශය තීරණාත්මකයි. ඒකත් වෙනම මාතෘකාවක් හින්දා වෙනම පෝස්ට් එකකින් ඒ ගැන කථා කරමු.

ඉතින් ඔබේ ආදරයටත් බාධා එල්ල වෙනවා නම් දුක්වෙන්න අවශ්‍ය නෑ. ඔබ ඇත්තටම හදවතින්ම ආදරේ කරනවා නම් ඒ බාධා ඔක්කොම ඔබට දැනටමත් රසවත් ඇති. නැත්නම් අනාගතයේ රසවත් වෙයි.

ඒ වගේමයි ඔබේ ආදරයට බාධාවක් නැත්නම් ආදරේ කරන‍ කොට විඳින්න අත්‍යාවශ්‍ය දෙයක් ඔබට මඟ ඇරෙන්න පුළුවන් බව අමතක කරන්න එපා. නැත්නම් සමහර විට ඔබේ ආදරේ අනතුරේ වැටෙන්නත් පුළුවන්. වහාම බාධාවක් නිර්මාණය කර ගන්න. මේක බාහිර සාධකයක්ම වෙන්න අවශ්‍ය නෑ. නිර්මාණශීලී වීම තමයි අවශ්‍ය වෙන්නේ.

4 Responses to “කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් …”

  1. මේක කියෙව්වම හිතට ලොකු සැනසීමක් දැනුණ…
    බාධා මැදින් ජයගන්න ආදරේ කොච්චර වටිනවද…?

  2. chinthaka said

    My good wishes for you to continue writing.. I love it

  3. මටත් මතකයි මගේ එක අදරේකට තිබුනු බාධාවල් . . .(හැම එකකටම ත්බුනේ බාධාවල් තමයි )

    “අනේ අයියේ අම්මලා නිදි . . . පොඩ්ඩක් ගේට්ටුව ගාවට එන්න කිව්වම මම යනවා . . ගේට්ටුවේ හිලෙන් එලියට එයා දාන ඇඟිල්ල පොඩ්ඩක් අල්ලලා එනවා . .. ඒත් ඒක කරන්නේ ඕපාදූප හොයන අහල පහල ගෑනුන්ගේ ඇසුත් වහලා . .

    ඒක මාර මතක සටහනක් පස්සේ කාලෙක . .

  4. [...] කරද්දී බාධාවේ අගය ගැන මම කලින් පෝස්ට් එකක කථා කලානේ. මේ පෙම්වතාටත් තමන් විඳපු [...]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

 
Follow

Get every new post delivered to your Inbox.