Lost IN Romance

Life is dull without romance

OFFICE + ROMANCE

Posted by lostinromance on February 2, 2010

ඊයේ පෙරේදා මම කොල්ලුපිටියේ පොඩි අවන්හලක ඉන්නකොට මගේ පරණ මිත්‍රයෙක් තමන්ගේ බිරිඳත් එක්ක එතනට ආවා පොඩි එකෙකුත් එක්ක. ඉතින් අපි ටිකක් වෙලා ආගිය තොරතුරු කථා කලා. ඔහුගෙ බිරිඳ ගැන වත් ඔවුන් විවාහ වුන හැටිවත් මම දැන ගෙන ‍නො හිටිය හින්දා මම ඒ ගැන ඇහුවම මගේ මිත්‍රයා බිරිඳ දිහා බලලා ඇසක් ඉඟිමරලා මට කි‍ව්වෙ “දන්නැද්ද මචං. පොඩි ඔෆිස් ලව් එකක්” කියලා.

මේ ඔෆිස් එක කියන තැන බොහෝ දෙනාගේ ආදර කථා වලට බෙහෙවින්ම සම්බන්ධවන තැනක්. කී දෙනෙක් නම් තමන්ගේ ජීවන සහකාරිය තමන්ගේ ඔෆිස් එකෙන් හොයා ගෙන තියෙනව ද? නියම සබඳතා, අනියම් සබඳතා හා වෙනත් වයිවාරන්න සබඳතා මේ ඔෆිස් එක ආශ්‍රිතව ගොඩ නැගෙනවා. එක අතකින් ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ. මොකද නාගරික කාර්යාලීය ජීවිත ගත කරන අයගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවී යන්නේ ඔෆිස් එක තුල නිසා. ඉතින් වැඩිපුර කාලයක් ඉන්න තැන සබඳතාවක් ඇති වීමට තියෙන ඉඩ කඩ උපරිමයි.

ලිංගිකත්වය මත පදනම් වූ සබඳතා දැන් දැන් ඔෆිස් තුල සුලබ වුනත් ආදර සබඳතා නැත්නම් සත්‍ය ප්‍රේම කථා වලත් අඩුවක් දකින්නට නෑ. කෙනෙක් නිතර නිතර දකිත් දී කථා කරත් දී ඒ කෙනා ගැන අපේ හිතේ ඇල්මක් ඇති වෙන්න තියෙන ඉඩ වැඩියි. වයිවාරන්න විලාසිතා වලින් සැරසිලා මේ කාර්ය බහුල ව්‍යාපාරික අවකාශයට ඇතුළුවෙන ‍ඔබේ හදවතේ ආදරය ගැන හිතන්න තියෙන වෙලාව අවම වුනත් ලද නිමේශයකදී ඒ කුඩා ඉඩකඩට හෙමින් හෙමින් ඇතුළු වෙන්න ඒ පරිසරයෙ ඉන්න කෙනෙක් සමත් වෙන්නෙ ඔබටත් නොදැනිමයි. වෙන විදියකින් කියනවා නම් ඔබේ හිතේ ඇඳිලා තියෙන සිහින දෙව් දුව කථා කරන විදියට කථා කරන, ඇවිදින විදියට ඇවිදින, හිනා වෙන විදියට හිනා වෙන කෙනා එතන ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ හිතේ තියෙන රූපයට ඔබ මේ නිතර නිතර දකින කෙනාගේ ඉරියව් කෙමෙන් කෙමන් ඇතුළුවෙලා අවසානයේ ඇය ඒ තැන අයිති කර ගන්නවා.

පස්සෙ කොච්චර සීරියස් වුනත් ඔෆිස් ලව් එක කියන්නේ මාර විනෝදකාමී වැඩක් තමයි. මුලින් මුලින් අනිත් අයට නොදැනෙන්න ආදරය කරන වෙලාවෙදි මේක උපරිමයි. ඇසින් ඉඟි බිඟි පාද්දි, රොමෑන්ටික් දෙයක් ලියපු කඩදාසියක් හෙමිහිට පාස් කරන කරලා ප්‍රතිචාරය බලන් ඉන්නකොට, හොරෙන් මුහුණ දිහා බලන් ඉඳිද්දි දෑසට දෑස හමු වෙනකොට තියෙන චමත්කාරය කියලා වැඩක් නෑ. මම අර කලින් පෝස්ට් එකක කිව්වා වගේ කට්ටිය එහා මෙහා වෙන කම් ඉඳලා කිලි පොලා යන කිස් එකක් වගේ දෙන්න තියෙනවනම් මාරයි.

කොහොම හරි මෙහෙම හොරෙන් හොරෙන් ලව් කරලා අන්තිමට අපි අනිත් අයට කියමු කියලා තීරණය කරලා ළඟම ‍කෙනෙකුට පොඩ්ඩක් කියලා බලනවා. අනේ එතකොට තමයි දන්නේ එයා විතරක් නෙවෙයි ඔෆිස් එකේ ඔක්කොම ඒ වෙනකොට සීන් එක දන්නවා කියලා. :)

ඔෆිස් එ‍කක ඇතිවන ලිංගිකත්වය පදනම් වුන සම්බන්ධතා ගැන කථා කරනවා නම් ඉතින් දැන් තියෙන පරිසරයත් එක්ක තමන්ගේ හැඟීම් පාලනය කරගෙන ඉන්න එක කොච්චර ද අමාරුද කියලා මගේ මිතුරෙක් ළඟදි කිව්ව කියමනකින් පැහැදිලි වෙනවා. එයා කියනවා “මේවා දකිනකොට කොහොම ඉන්නද මචං. අපිත් ගස් ගල් ද?” කියලා. ඇත්ත තමයි. දකින දකින අත සෙක්ස් ඇපීල් තියෙද්දී බවුන් වඩන්න ඉතින් කවුරුවත් රහත් වෙලා නෑනේ. අනික ආතතිය වැඩි පරිසරයක සේවය කරන කොට ආතතිය දිය කරලා හරින්නත් ක්‍රමයක් තියෙන්න එපායැ. හැබැයි ඉතින් ඔෆිස් එක ඇතුලේ ලිංගික සබඳතා පවත්වන්න නම් හැම තැනම බෑ. හැබැයි මං දන්න තරමින් නම් බොහෝ තැන් වල කොහොම කොහොම හරි ඒවා සිදුවෙනවා. මේ ළඟදි අපිත් එක්ක හිටපු හාදයෙක් ජාත්‍යාන්තර බැංකුවක කොළඹ ප්‍රධාන කාර්යාලය පෙන්නලා කිව්ව කථාවක් මට මතක් වුනා. එයා ඒ ඔෆිස් එකේ ක්ලීනින් එකක් සුපර්වයිස් කලාලු. ක්ලීන් කරපු කට්ටිය බිල්ඩින් එකේ බිත්ති අතර තිබුනු කුඩා ස්පේස් එකකින් කසළත් එක්ක එළියට අරගත්තු කොන්ඩම් ගොඩ දැකලා එයා පුදුම වුනාලු. මිනිහා අතින් දාලා කිව්ව ද කියල නම් මම දන්නේ නෑ.

ඒවා මේවා කෙසේ වෙතත් ඔබ කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් ඔබේ ආදරය ඔබ අසලටම පැමිණ තිබෙන්නට ඇති අවස්ථාව වැඩි බව මතක තියා ගන්න.

Posted in Uncategorized | Leave a Comment »

Bad Blogging

Posted by lostinromance on February 2, 2010

සමාවෙන්න ඔනේ. සෑහෙන කාලෙකින් අළුත් පෝස්ට් එකක් දාන්න බැරි වුනා. හිටිය පාඨකයො ටිකත් නැති වෙලා ගිහිල්ල ද දන්නෙ නෑ. :) කොහොම නමුත් ආයෙත් ‍ඇක්ටිව් විදියට බ්ලොග් අවකාශයට ඇතුළු වෙන්න තීරණය කලා. බලමු මේ පාර කොහොම වෙයි ද කියලා. මම පහුගිය ටිකේ ඇක්ටිව් නොවුනත් සෑහෙන පිරිසක් තාමත් මගේ බ්ලොග් එකට එන බව ස්ටැට්ස් වලින් පේනවා. වැඩි පිරිසක් කියවන කොට ඉතින් ලියන්න තියෙන උනන්දුව වැඩිවෙනවානේ. මට හිට්ස් වදින්නේ කොත්තු හරහා විතරයි. සිංහල බ්ලොගර් එකෙත් සින්ඩිකේට් කලොත් ඉතින් තව වැඩිපුර කට්ටියක් කියවයි කියලා හිතෙනවා. එත් ඉතින් මාව ගත්තේ නෑනේ. මාව නොගන්න හේතුවක් මට නම් පේන්නේ නෑ. එත් ඉතින් ගන්නේ නැත්නම් මැරෙන්නද? :) හැමෝම දිගටම මාත් එක්ක ඉඳියි කියලා බලාපොරොත්තු වෙනවා.

- LIR -

Posted in Uncategorized | 8 Comments »

The Reader (2008) – II

Posted by lostinromance on November 22, 2009

( I කොටස )

එතැන් සිට චිත්‍රපටය දිවයන්නේ මෙම නව යොවුන් තරුණයාත්, තරුණ විය පසු කරමින් සිටින වෘත්තියෙන් ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක වන ගැහැණියත් අතර ඇති වන අතිශය සමීප, ලිංගිකත්වය හා ආදරය කැටිවූ සම්බන්ධය විදහා දැක්වෙන රූප රාමු පෙලක් ඔස්සේ යි‍. ආදරය හා ලිංගිකත්වයට සීමා මායිම් නොමැති බව මෙම රූප රාමු පෙළ ප්‍රේක්ෂකයාට යළි යළිත් පසක් කර දේ. ඉතා මැනවින් හා සංයමයෙන් රූගත කර ඇති මෙහි ඇති ලිංගික හා ආලිංගන දර්ශන මෙම සබැඳියාවේ ගැඹුර ඉතා හොඳින් ප්‍රකට කරවයි.

තමන් පාසලේ උගන්නා ලෝක ප්‍රකට සාහිත්‍ය කෘති රැගෙන ගෙන එන ඔහු ඒවා ඇයට ඇසෙන්නට කියවයි. ඇය ඔහුට ළංව ඒවා රස විඳියි. චිත්‍රප‍ටයේ නාමය වන ද රීඩර් යන්න ගොඩනැගෙන්නේ ද මේ කථා කියවීම හරහා බව මේ වන විට ප්‍රේක්ෂකයාට ඒත්තු යයි. ඇය තමන්ගේ කියවන කථා ඇසීමට ප්‍රියකරන බව දන්නා ඔහු එය ඉමහත් උනන්දුවකින් සිදු කරයි. ඇගේ සිතැඟි කෙරේ අතිශයෙන් සංවේදී මයිකල් පාසලේ දී සම වයසේ රූබර තරුණියන්ගෙන් ලැබෙන ආදර ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ ඔහු එම ගැහැණිය කෙරේ ආශක්තව ඇති ප්‍රමාණය අපට පෙන්වමිනි. එමෙන්ම කලින් පෞරුෂත්වයක් නොමැති ඔතෑනි යෞවනයකු වූ මයිකල් මේ අසම්මත සම්බන්ධයත් සමඟ හොඳ පෞරුෂත්වයක් සහිත ක්‍රියාශීලී තරුණයකු බවට පත්වේ. එය සිදුව‍න්නේ යහනේ දෙව්දුවක් වන් මෙම රූබර ගැහැණිය සමඟ රමණයේ යෙදීමට ලැබීම යන සම වයසේ අනෙක් යෞවනයන්ට භුක්ති විඳීමට නොලැබෙන ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නිසා ‍ඔහු තුල ගොඩනැගෙන මානසික විශ්වාසය නිසා නො‍වේ ද?

තමන් අතර ඇති වයස් සීමා පරතරය හා බාහිර නොගැලපීම ‍ආදිය ආදරයෙන් වෙලුන ඔහුට නොපෙනී යන අයුරු මෙහි හොඳින් නිරූපණය වෙයි. එම ගිම්හානයේ දවසක ඇය හා ඔහු බයිසිකල් සවාරියක යෙදේ. එහි දී හමුවන ගැහැණියක් ඇයව ඔහුගේ මව ලෙස සිතයි. සමාජ සම්මතයන්ට පිටුපා යාමට කැමති යොවුන් වයසේ පසු වන ඔහු ඇගේ එම හඳුන්වා දීම තුලින් තමන්ගේ වීරත්වයක් දුටුව ද හැනා එය කෙරෙහි සංවේදී වෙන අයුරු අපට තිරය මත පෙනේ.

හැනා ද මයිකල් සමඟ කාලය ගත කිරීමෙන් සතුටු වන බව හා ඔහුට ආලය කිරීමට පටන් ගෙන ඇති බවක් අප දුටුව ද ඇගේ චරිතය පුරා දිවයන ගුප්ත බව අප සසල කරවයි. ඇය කිසියම් රහසක් සඟවා ගෙන සිටින ගැහැණියක් බව මෙම චරිතය රඟන ශූර නිළිය තමන්ගේ විස්මිත රඟපෑම ඔස්සේ නිරන්තරයෙන් පෙන්වයි. ඇය සඟවා ගෙන සිටින රහස කුමක් ද? අප කිසිසේත්ම නොසිතන එවැනි මානයක් පුද්ගලයෙකුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමට සමත් වන්නේ කෙසේ ද?

ඔවුන් එකතුව ගෙවන එම ගිම්හාන‍යේ කෙළවර දිනෙක කිසිම ළකුණක් ඉතිරි නොකර ඇය තම නවාතැනෙන් සමුගෙන යයි. තමන් ගේ අවසන් හමුවේ දී ඇයගේ හැසිරීම ගැන සැක සිතුනු මයිකල් නැවත ඇගේ නවාතැනට පැමිණි විට තමන්ගේ සැකය හරි බව ඔහුට පෙනෙයි. එමඟින් ඔහු දරා ගත නොහැකි ශෝකයට පත් වෙන නමුත් ඔහුගේ ජීවිතය ඉදිරියට ගලා යයි. චිත්‍රපටය තුල අපට නැවත ඔහු හමුවන්නේ අට වසරකට පසු නීති ශිෂ්‍යයෙකු ලෙසයි.

ඔවුන‍්ගේ දෙවන හමු වීම සිදුවන්නේ කෙසේ ද? හැනා අනුකම්පාව ලැබිය යුතු චරිතයක් ද? නැතිනම් ඇය මුහුණ දුන් ඉරණම ඇයට උරුම වූවක් ද? සම්මත වුවද අසම්මත වුවද ආදරය යනු මිනිස් ජීවිත සසල කර දමන කිසිදා කිසිවෙකුට තේරුම් කළ නොහැකි අත්දැකීමක් නොවන්නේ ද? ඒ හා බැඳුනු සිදුවීම්, භෞතික දෑ ජීවත් වන තුරා අපගේ අධ්‍යාත්මය සමඟ කෙලෙස බැඳී පවතී ද?

මෙම පැන ඔබට ඉතිරි කරමි.

අධ්‍යක්ෂණය – ස්ටීවන් ඩැල්ඩ්‍රි
හැනා – කේට් වින්ස්ලේ
මයිකල් – රැල්ෆ් ෆියෙන්ස්
මයිකල් (තරුණ) – ඩේවිඩ් ක්‍රොස්

චිත්‍රපටිය ගැන වැඩිපුර  විස්තර - අයි.එම්.ඩී.බී, විකිපීඩියාව

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , | 2 Comments »

වැස්ස – The Rain

Posted by lostinromance on November 18, 2009


ආයෙත් වැසි සමයක්. කොළඹ මල් පාරේ මල් ගස් හේදී ගෙන මෝසම් වැසි ඇද හැලෙද්දී වැස්සේ ඒ වැස්සට තෙමිලා දූවිලි ඉවත්වෙලා කාපට් පාර ඔපවත් වෙලා. පාර්ක් එකේ තුරු ලතා නැවුම් පෙනුමකින් අළුත් පණකින් අවදි වෙලා. රස්නය මැකිලා සුන්දර සිසිලසක් නගරය වෙලා ගෙන.

වැස්ස හින්දා වෙනස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විතර ද? ආදරණීය මතකයන්, කඳුළු, සිනහා, දුක් සුසුම්. වැස්ස කියන්නේ මේ සියල්ලේම සංකලනයක්. වැස්සත් එක්ක අපේ හදවත්වල හැංගිලා තියෙන කොපමණ දේවල් මතුපිටට එනව ද?

වැස්සෙ තියෙන්නේ අමුතුම රිද්මයක්. මට හිතෙන හැටියට ඒක අපේ හදවතේ රිදම් එකට හරියටම මැච් වෙනවා. එක සීරුවට එක දිගට වහින වෙලාවක ඒකෙ හඬත් එක්ක ඒකාත්මික වෙලා ටිකක් වෙලා අහලා බලන්න. ඔබේ හදවතේ ඇති ගැඹුරුම මතකයන් අවදි වෙනවා ඔබට දැනෙයි.

සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක් යන හැටි

මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි

[Amaradewa]

ඉතින් අද මේ ඇදහැලෙන වැස්සත් එක්ක මගේ හැංගිලා තිබුන ආදරණීය හීනයකට නැවතත් පණ ලැබුනා.  හීනය විස්තර කරන එක තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ හිත ආයෙත් පාරක් පෑරෙන එක විතරයි. ඒත් උඩට ආපු හීනය ආයෙත් නිදන්ගත ‍කරන්න වැස්ස ඉවරවෙනකම් ඉන්න වෙයි ද? එත් හෙටත් වැස්සොත්. දිගටම වැස්සොත්.

වැස්ස කවදාවත් ඉවර වෙන්නේ නෑ. මාස ගාණක් පෑව්වත් කොයි මොහොතක හෝ නැවතත් සුපුරුදු හඬින් වැස්ස ඇද හැලෙනවා. අපේ මතකයනුත් ඒ එක්කම නැවතත් පණ ලබනවා.

පෙම්වතුන්ට වැස්ස කියන්නේ ආශිර්වාදයෙක්. වැස්සට බනින පෙම් යුවළක් මට නම් කවදාවත් හමු වෙලා නෑ. ඒත් සමහර අයට නම් වැස්ස කියන්නේ දුක්බර මතකයන් අවදි කරන අවාසනාවන්ත හඬක් විතරයි. එත් ඒක කොච්චර අවාසනාවන්ත හඬක් වුනත් ඒ අය වැස්සට යටි හිතින් කැමතියි.

අනේ මේ වැස්ස දැන්වත් ඉවර වෙනවා නම්.

කමක් නෑ. එයත් මේ කුඩා නගරයේම කොහේ හෝ ඉඳගෙන මේ වැස්සෙ රිද්මයට මම වගේ ම කන් දෙනවා ඇති නේද?

I see dark clouds out my window
I know the storm is coming any minute
And the thunder just confirms my fears
And I know the tears are in it
I’ll be cryin unable to stop
Look here comes the very first drop
cause every time it rains
I fall to pieces
So many memories the rain releases
I feel you
I taste you
I cannot forget
Everytime it rains
I get wet
[Ace of Base]

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය | Tagged: , , , , , , , , , , , , , | 2 Comments »

Lost in (Romance + Nature)

Posted by lostinromance on September 21, 2009

සුමුදු සුළඟක් වැව් ජල තලය සිප ගෙන විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ සරාගී විදියට කළඹමින්. ඇගේ නිරාවරණයවූ සුන්දරත්වය මතට පතිතවූ වියළි පත් ටිකක් සුමුදු හඬක් නංවාගෙන ඇවිත් මගේ සිරුර මතට වැටුනා. වැව් දියට හරියටම ඉහළින් තිබුන හිරුගෙන් මද්දහනේ නික්මුණු හිරු කිරණ අප වටා තිබුණ විශාල වෘක්ෂයන් අතරින් යන්තම් පෙරී ගෙන ඇවිත් ආදරයෙන් එකිනෙකාට වෙළුන අපි දිහා හොරෙන් බලනවා දැනුනා. ඒත් වැව් ජලය සිපගෙන ආ සිසිල් සුළඟත්, තුරුලතා වල සිසිලසත් පරදන්න ගිනි‍ ගෙන දිලෙන ඉරට පුළුවන් වුනේ නෑ.

ඇ‍ය හිටියේ මගේ සිරුර මත වාඩි වෙලා. ඇගේ මෘදු පහසේ අන්තිම ඉම සොයා ගන්නට මට ඉඩ දෙන්න වගේ, ඇය, ඇගේ සුමුදු වත සරාගිකව චලනය කලා. ඒ සුමුදු තෙතමනයේ පහස මගේ ආත්මය සිසාරා දැනෙමින් තිබුනා.

අපි හිටියේ වැව් ඉවුරේ තුරු ලතා අතරේ තණ බිස්සක් මත එලපු මෙට්‍රස් එකක් මත. ඒක ගොඩක් ලොකු එකක් නොවුනට තණ බිස්සේ රළු බව අපේ සිරුරු වලට දැනෙන්නට නොදී රැඳී ඉන්න ප්‍රමාණවත් එකක්. අවට තිබුණ තුරු ලතා අපිව සඟවා ගන්න ප්‍රමාණවත් කියලා දැනුනත් මුලින් හිතේ පුංචි චකිතයක් තිබුනේ නැත්තෙත් නෑ. ඇය නම් මගේ අදහස මුලින් එක හෙළා ප්‍රතික්ෂේප කලත් මේ ස්ථානය ගැන මගේ තිබුණ දැනුමට අනුව අපිව කාගෙවත් ඇස ‍ගැටෙන්නට ඉඩක් නැති බව පෙන්නල දීලා මම කොහොම හරි ඇයව කැමති කර ගත්තා. හැබැයි අන්තිමට නම් එයා හිටියේ ඇගේ සුමුදු ග්‍රහණයට මාව මුළුනින්ම නතු කරගෙන. මම දැන් යමු කිව්වත් අනේ තව ටිකක් ඉමු කියලා ඇය කිව්වා.

අපි හිටියේ එක්තරා වැවක් අද්දර තිබූ වැඩිපුර ‍ප්‍රකට නොවූ සංචාරක නිවාසයක. අපේ මිතුරන් පිරිසගේ පිරිසගේ බලවත් විරෝධය මැද වුනත් ඔවුන්ගේ දවසේ සැලැස්මට එකතු නොවී ඉන්න අපිට පුළුවන් වුනා. ඔවුන් සවස් වන තෙක් නැවත නොඑන බවට කිසිම අවිශ්වාසයක් නෑ. ඉතින් අපේ නිදහසේ සීමාවන් ස්පර්ෂ කරන්නට පුළුවන් කවුරුවත් ඒ සොඳුරු පරිසරයේ හිටියේ නෑ. තුරු ලතාත්, රැලි නංවමින් සෙමින් චලනය වූ වැව් දියත්, නිල් අහසත් හැරෙන්නට.

මම කවදාවත් ඒ වගේ පරිසරයකදී නොදුටු සළු පිලි ඉවත ලූ ඇගේ සුන්දරත්වය දිහා වශීකෘතව බලා ගෙන හිටියා. ඇත්තට සොබා දහමේ රිද්මයත් එක්ක ඒක දැනෙන හැටි කොයි තරම් වෙනස් ද? ඇගේ කවදාවත් නොදුටුව අමුතු සුන්දරත්වයක් එදා මම දැක්කා. සුළං රැලි අපිව උන්මාදයට පත් කරද්දී මම ඇගේ රසවත්ම තැන් හොයා ගෙන මගේ තොල් පෙති ඇගේ සිනිඳු සම මත සෙමින් ගෙන ගියා. ඇගේ සැඟවුනු කුසුම් පෙති මත මගේ දෙතොල තෙරපෙන කොට ඒක දරාගන්නට නොහැකිව වගේ ඇගේ ලය වේගයෙන් උස් පහත් වුනා. ඒ ලස්සන තිසරුන්ගේ සුමුදු තුඩු නිල් ජල තලයට සමාන්තරව මගේ දෙනෙත් අබියස මැව්වේ සිහින ලෝකයක ඉන්නවා වගේ හැඟීමක්. ඇගේ අතැඟිලි මගේ කෙස්රොද අතර තෙරපෙමින් තවදුරටත් මගේ මුව ඇගේ රස සොයන්නට ඇය වෙතට ලං කර ගත්තා.

ඊළඟ මොහොතේ මම සිටියේ ඒ තිසර තුඩු වල රිද්මයට නතු වෙලා. ඒ වෙන කොට ‍හැමදාම වෙන විදියට මමත් ඇයත් හිටියේ මුළුනින්ම මේ ලෝකෙන් ඈත් වෙලා ආශාවේ මුහුදේ කිමිදෙමින්. ඇගේ තොල් පෙති මාව හොයා ගෙන එද්දී මම ඒකෙන් මිදෙමින් ඇයව සිපගන්නට සෙව්වා. දෙදෙනාම පරදින්නට කැමති වුනේ නෑ. හරියට තරඟයක් වගේ. මම ඇයට පරාජය වුනේ ඇගේ මුවේ ග්‍රහණයට මාව ගත්තට පසුවයි. ඒ රිද්මය විස්තර කරන්න මට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. එයා සුරංගනාවියක්.

දහදියෙන් තෙත් වුනු අපේ සිරුරුවල ග්‍රහණය කෙමෙන් ලිහිල් වෙන කොට හෝරා කිහිපයක් ගත වෙලා ඉවරයි. අපි එකිනෙකා දිහා ආදරෙන් බලා ගෙන ඒ තුරු සෙවණේ හාන්සි වෙලා සුළඟේ සිසිල විඳිමින් තව සෑහෙන වෙලාවක් ගත කලා.

අපේ ජීවිතේ සුන්දරම දේවල් විඳින වෙලාවට සොබා දම් මාතාවගේ සෙවණේ හැමදාම ඉන්න පුළුවන් නම් කියලා මට මුලින්ම හිතුනේ එදා තමයි. ඒ අත්දැකීමේ සුන්දරත්වය විඳින්න අපට හැමදාමත් නොහැකි වුනත් එක පාරක් හෝ ඒක රස වින්දොත් ඒක කොච්චර සුන්දර දෙයක්ද කියලා ඔබට දැනෙයි.

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය, ලිංගිකත්වය, ෆැන්ටසි | Tagged: , , , , , | 2 Comments »